2026 ජූනි 10, පෙ.ව. 12:11
රජයේ ඩිජිටල්කරණ ජාතික වැඩපිළිවෙල අනූව රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමේ තවත් ඉදිරි පියවරක් ක්‍රියාත්මක කරමින් රාජ්‍ය නිලධාරීන් සඳහා අනුග්‍රාහ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ ලබා දීමට පියවර ගෙන ඇත.
මෙම ජාතික වැඩපිළිවෙල යටතේ ඉදිරියේදී රජයේ ආයතන තම ආයතන වල නිලධාරීන් වෙනුවෙන් දුම්රිය අනුග්‍රහ වාර ප්‍රවේශපත්‍ර අයදුම් කිරීමට, ප්‍රවේශ මාර්ගගත දුම්රිය ඩිජිටල් වේදිකාවේ ලියාපදිංචි විය යුතු වේ.
අනුග්‍රහ වාර ප්‍රවේශපත්‍ර පහසුකම අවශ්‍ය රාජ්‍ය නිලධාරීහු ප්‍රවේශ ජංගම දුරකථන යෙදවුම ඔස්සේ හෝ www.pravesha.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ තම සේවයේ නියුතු රාජ්‍ය ආයතනයේ අදාළ විෂය භාර නිලධාරියාගේ සම්බන්ධීකරණයෙන් අදාළ ආයතනයේ ප්‍රවේශ මාර්ගගත පිවිසුම ඔස්සේ මෙම සේවාවට ලියාපදිංචි විය යුතුය.
එලෙස ලියාපදිංචි වන නිලධාරීන්ට ඔවුන් අයත් රාජ්‍ය ආයතනයේ ලියාපදිංචි වීම සහ ජූලි මාසය සඳහා අවශ්‍ය අනුග්‍රහ වාර ප්‍රවේශපත්‍ර ඉල්ලුම් කිරීමට 2026 ජුනි (15) වනදා සිට අවස්ථාව සලසා ඇත.
“කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය” මගින් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල මගින් රජයේ ඩිජිටල් පරිවර්තන ජාතික වැඩපිළිවෙල යථාර්ථයක් බවට පත් කිරීමත්, දුම්රිය සේවාවේ ගුණාත්මක, කාර්යයක්ෂමතාව ඉහළ නැංවීම සඳහාත් දුම්රිය මගී ජනතාවට ප්‍රශස්ත සේවාවක් සහ පහසුකම් වැඩි දියුණු කිරීමත් මෙම ව්‍යාපෘතිය හරහා අපේක්ෂා කෙරේ.
2026 ජූනි 11, පෙ.ව. 12:22
2026 ජූනි 11, පෙ.ව. 12:19
2026 ජූනි 11, පෙ.ව. 12:18
2026 ජූනි 11, පෙ.ව. 12:17
2026 ජූනි 11, පෙ.ව. 12:12
11-06-26
11-06-26
10-06-26
10-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26