hit counter

2026 නොවැම්‍බර් මස 24 වන අඟහරුවාදා

2026 ඔක්‍තෝබර් 05, පෙ.ව. 10:49



මේ දිනවල හැමෝගෙම ආදරය දිනාගන විකාශය වෙන ලංකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍යක ආදරණීය පෙම්වතුන් යුවළ දුශේනී මියුරංගී සහ චතුරංග ඔන්න විවාහ වෙලා . ප්‍රේක්ෂක සිත් සතුටින් පිරෙන් ආරංචියක් වගනම් නොඅනුමානයි .

ඉතිං මේ දෙන්නගෙම රංගනයට ආශා කළ ප්‍රේක්ෂකයන් ඔවුන් ඇත්තටම විවාහ වුණානම් කියලා හිතින් හිතපු අවස්ථා ඕන තරම් ඇති .

ලස්සන මනාලියක් වුණ හැඩකාර දුෂේනිත් , කඩවසම් මනමාලයෙක් වුණ ඔහුත් මේ වෙද්දී ප්‍රේක්ෂක සිත් වසග කර හමාරයි .

රංගනයේ ඇති ප්‍රතිභාව නිසාම ඒ දෙන්න සම්මානයට පවා පාත්‍ර වුණා . 

දුශේනි මියුරංගී පවසන්නේ ඇයට මින් ඉහත තිබූ ආදර සබඳතා ගැන ඇතිවූ ප්‍රචාරයන් ඒවා බිඳවැටුණ පසු අහිතකර ලෙස මනසට බලපෑමක් කළ නිසා මෙම සම්බන්ධය රහසක් ලෙස තබාගත් බවයි.

පසුගිය වසරේ බොහෝ සම්මාන උළෙල වලදී ජනප්‍රියම නිළිය ලෙස දුශේනිත් ජනප්‍රියම නළුවා ලෙස චතුරංගත් සම්මානය පාත්‍රවී තිබුණි.

“මට මුලින් මුලින් එයාව තේරුනේ නැහැ. පස්සෙ තමා හරියට තේරුම් ගන්තේ. එයාගෙ සාමකාමී ගතියට මං කැමතියි. ජීවිත කාලයක් ගත කරන්න ඕන එහෙම කෙනෙක් එක්ක. තාත්තා එක්ක තමයි මගේ ජීවිතේ ලොකුම සම්බන්ධය තිබුනෙ. එයා හා සමාන ආදරයක් රැකවරණයක් මට චතුරංගගෙන් ලැබෙනවා. අද (5) හා ලබන සතියේ 12 වනදා උත්සව දෙකක් ලෙස මංගල උත්සවය පවත්වනවා. මං ආසයි උඩරට මනාලියක් ලෙස අඳින්න එකක් ඒ විදිහටත් ..අනෙක බටහිර ලෙසත් කරනවා. විවාහ උත්සවයට නලින්ද, ධනංජය බණ්ඩාර, මිහිරි, ධනුෂ්ක,නයෝමා,වෝක් ස්ටූඩියෝ, මහේෂ්. ලක්මාල් සහ තවත් අය සහය දෙනවා. අපි දෙන්නාට අයත් නිවාස තියනවා විවාහයෙන් අනතුරුව ඉන් එකක පදිංචියට යනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: