2026 නොවැම්බර් 11, පෙ.ව. 9:43
සමාජ මාධ්‍ය හරහා නිරන්තරයෙන් අපගේ සිත් දිනාගත්, අතිශය ආදරණීය චරිතයක් වූ NayomiChan හදිසියේම මෙලොව හැරගිය පුවත මේ වනවිට සමාජ මාධ්‍ය පුරා දැඩි කම්පනයක් ඇති කරමින් පැතිරී යනවා.
ඇගේ සුන්දර සිනහව, අපූරු වීඩියෝ සහ සැමියා වන කේචං සමඟ එක්ව කළ දඟකාර වැඩ සියල්ලන්ගෙම මතකයේ නොමැකී තියෙද්දී අහන්න ලැබුණු මේ ආරංචිය ඇත්තටම දරාගන්න අමාරුයි.ලැබී ඇති තොරතුරුවලට අනුව, මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී ඇත්තේ දරුවා ලැබෙන්නට රෝහල්ගත වූ මොහොතේදී බවයි ආරංචි වන්නේ.
කෙසේ වෙතත්, දරුවාගේ තත්ත්වය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් දැනගන්නට ලැබී නැහැ.
මේ වනවිට ඇයගේ අභාවය පිළිබඳ තොරතුර තහවුරු කරමින් සමාජ මාධ්‍යවල පළවෙන සටහන් සහ ඇගේ අවමංගල්‍යය බවට පැවසෙන ස්ථානයකින් ලබාගත් ඡායාරූපයක් ද සංසරණය වෙමින් පවතිනවා.
“නයෝමිගෙ වීඩියෝස් මං හැමදාම බැලුවා… ඒ දෙන්නගෙ බබා මොන වගේ වෙයිද කියලා බලන්නත් හරිම ආසාවෙන් හිටියා,” යැයි සඳහන් කරමින් බොහෝ දෙනෙක් තම ශෝකය ප්‍රකාශ කර තිබෙනවා. ඇය හදලා දෙන කෑම කේචං ඔළුව හොල්ල හොල්ල කන හැටි, ඒ දෙන්නා දවසේ කරන පුංචි පුංචි දේවල් බලන්න ගොඩක් අය ආසාවෙන් හිටියා.
ඇයගේ අභාවයත් එක්කම හැමෝගෙම නෙත් කඳුළින් තෙත් කරන්නේ ඇය මියයන්න කලින් සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුණු අන්තිම ඡායාරූපයේ සටහනයි. “Pregnancy එකෙන් පස්සෙ අපි දෙන්න පළවෙනියට ගත්ත photo එක සහ අන්තිමේට ගත්ත photo එක” කියලා ඇය දාලා තිබුණු සටහන මේ විදිහටම ඇත්තක් වෙයි කියලා කිසිම කෙනෙක් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.
ඒ සටහනත් එක්ක ඇය ඇත්තටම තමන්ගේ අන්තිම ගමන ගැන ඉවකින් වගේ දැනගෙන හිටියද කියලත් බොහෝ දෙනෙක් කම්පා වෙමින් අදහස් දක්වනවා.


2026 නොවැම්බර් 11, ප.ව. 12:03
2026 නොවැම්බර් 11, පෙ.ව. 12:28
2026 නොවැම්බර් 11, පෙ.ව. 12:18
2026 නොවැම්බර් 10, පෙ.ව. 12:10
2026 නොවැම්බර් 09, පෙ.ව. 12:09
11-11-26
11-11-26
11-11-26
11-11-26
11-11-26
11-11-26
11-11-26
11-11-26
10-11-26
10-11-26
10-11-26
10-11-26
09-11-26
09-11-26
09-11-26
09-11-26
09-11-26
09-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26