hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 24, ප.ව. 12:05



22 හැවිරිදි තරුණියක ඝාතනය කර සිරුර ගමන් මල්ලක දමා අධිවේගී මාර්ගයක් ආසන්නයේ දමා ගිය පුවතක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ පියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාළ තරුණිය දිල්ලිහි විද්‍යාලයක උසස් අධ්‍යාපනය හදාරමින් සිටියදී ඇතිවූ ප්‍රේම සම්බන්ධතාවයකින් අනතුරුව තරුණයෙකු හා විවාහ වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

තරුණියගේ කුලයට වඩා අදාළ තරුණයා කුලයෙන් පහත් වීම හේතුවෙන් තරුණියගේ පියා විසින් මෙම අමානුෂික ඝාතනය සිදුකරන්නට ඇති බවටයි පොලිසිය සැක පහළ කරන්නේ.

ඝාතනයට ලක්ව ඇති තරුණියගේ සිරුරේ ස්ථාන කිහිපයකම තුවාල ඇති බවට අනාවරණය වී තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ තරුණියගේ පපුවේ ස්ථාන දෙකකට එල්ලවූ වෙඩි ප්‍රහාරවලින් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව යි.

ඝාතනයට භාවිත කළ බවට සැකකෙරෙන ඇයගේ පියා සතුව තිබූ තුවක්කුවක්ද පොලීසිය විසින් සොයාගැනීමට සමත්ව තිබෙනවා.

ඊට අමතරව මළ සිරුර ප්‍රවාහනය කිරීමට භාවිත කළ මෝටර් රථයද පොලීසිය භාරයට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අම්මයි තාත්තයි දුවව මරා ට්‍රැවලින් බෑග් එකක දාලා – ඇඟකිලිපොලා යන ඝාතනයක් (PHOTOS)

අම්මයි තාත්තයි සුරූපී දියණියව මරලා ට්‍රැවලින් බෑග් එකක දාපු හේතුව එළියට





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: