hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 28, ප.ව. 2:26



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

ජැක්සන්ගේ අතීතය ගැන හෝ ජැක්සන්ගේ අතිශය පුද්ගලික දේත් ජැක්සන්ගේ මරණය හා සමඟ එළියට ඇවිත් තිබුණා.

ජැක්සන් ඇන්තනීගේ දියණිය මාධවී වත්සලා පුවත්පතක සාකච්ජාවකට එක්වෙමින් සිය පියා සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා.

“අපි කළේ ජාතික රෝහලේ වෛද්‍යවරුන්ව විශ්වාස කරලා ඔවුන්ට අප්පච්චිව භාර කරලා ඔවුන් ගේන්න කියූ දේවල් සපයමින් බලන් හිටපු එක තමයි.අප්පච්චි වුණත් කිව්වෙ ‘මට විශ්වාසයි මම ඉන්නෙ හරිම තැන කියලා පුතා. මේ වෛද්‍යවරුන්ව විශ්වාස කරන්න’ කියලා.අපි එතැනදි 100%ක් අසරණයි. බොහෝ අය වෙච්ච දේ ගැන හොයනවා.ආදරේ නිසා අප්පච්චි ගැන එහෙම කැක්කුමක් තියෙන එක ගැන නම් අපිට සතුටුයි.ඒත් වෙනත් යටි අරමුණු, දේශපාලනික ගුණ්ඩු සහ සමාජයේ කැපීපෙනීම තකා මගෙ අප්පච්චිගේ වෛද්‍ය කරුණු දඩමීමා කරගන්න එක ගැන අපේ පැහැදීමක් නැහැ.කොහොම වෙතත් දැන් මගෙ අප්පච්චි ආයේ එන්නෙ නැහැ.”

”කොහොමත් අප්පච්චිගෙ අධිකරණ මරණ පරීක්ෂණ වාර්තාව තවම අපිට ලැබිලා නැහැ.ඒ සඳහා අපි දන්නා දැකපු සියලු දේ ඒ අදාළ පාර්ශ්වයන්ට අපි දැනුම් දුන්නා.තව මාස දෙක තුනකින් ඒ වාර්තාව ලැබුණාම බලමු.ඔහුගේ මතකය සුන්දරව සහ ඵලදායීව ඉතුරු කරන්න විතරයි අපට ඕනේ.’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: