hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:01



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

ජැක්සන්ගේ අතීතය ගැන හෝ ජැක්සන්ගේ අතිශය පුද්ගලික දේත් ජැක්සන්ගේ මරණය හා සමඟ එළියට ඇවිත් තිබුණා.

ජැක්සන් ඇන්තනීගේ දියණිය මාධවී වත්සලා පුවත්පතක සාකච්ජාවකට එක්වෙමින් සිය පියා සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා.

”මට විතරක් නෙවෙයි. අප්පච්චිට ගෑවුණු කෙනෙක්ටවත් කිසිවක් බෙදාගන්න අමාරුයි. මෑතකදී අපේ ලොකු අප්පච්චිගේ (සේනක ටයිටස්) පුංචි මිනිපිරි, හේළි ආරධ්‍යා දුව ඇඳපු චිත්‍රයක් මම මගේ ෆේස්බුක් ගිණුමේ පළ කළා ඒ චිත්‍රයට අදාළ ලොකු අයියාගේත් මගේත් වට්ස්ඇප් සංවාදයත් එක්කම. හේළි අප්පච්චි වගේම චිත්‍ර අඳින්න සූරයි.ඒ චිත්‍රය බොහොම දියුණු රේඛා රටාවලින් හෙබි එකක් නිසා ඒක දුටු සැණින් මමත් පුදුම වුණා. සාමාන්‍යයෙන් හේළි අඳින චිත්‍ර බොහොම වර්ණවත් වුණත් මේ චිත්‍රය පාට කරලා තිබ්බෙ නෑ. ඒ ගැන ඇහුවම එයා කිව්වලු මළගෙදර අවර්ණ නිසා එයා එහෙම ඇන්දා කියලා.

ඒ පෝස්ටුවට බොහෝ අය ඉතාම උපහාසාත්මක කෙමෙන්ට් එකතු කළා.ඇන්තනී නම තිබුණු නිසාම ඉරිසියාකාර පිරිස් දරුවාව අමු අමුවේ වයස නොතකාම වාචික හිංසනයට ලක්කළා. අපචාරයට ලක්කළා.ඒ අයගෙන් දරුවව බේරගන්න ඕනෑ නිසා මම ඒ පෝස්ටුව ඉවත් කළා. දැන් ඒ අයට සැනසීමක් ඇති.අන්තර්ජාලය තුළත් හරිම නින්දිත විධියට ළමා අපයෝජනය කෙරෙනවා.තව දවසක් ඉරේෂ්ගෙ උපන්දිනේට ගිය ජනවාරි මාසෙ ඒමි නංගියි අඛිලයි හදපු කේක් එකක් විෂය කරගෙන පේජ් පාතාලෙ ඇවිස්සුණා.මම ඒක දැක්කෙත් අවුරුද්දකටත් පස්සෙ මඩ පෝස්ට් එකකින්.මොකද ඒක ඉරේෂ් මල්ලිව පුදුම කරන්න කරපු දෙයක්ලු.ඒ කේක් එකෙන් හදලා තියෙන්නෙ අප්පච්චිව බේරගන්න අලියා ඉස්සරහට ආපු වීර ඉරේෂ්වලු.ඒක හරිම අහිංසක අදහසක් එහෙම බලද්දි. අහිතක් හිතන්න එපා පව්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: