hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 21, ප.ව. 4:34



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වන විට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

ජැක්සන් ගැන ගොඩක් දෙනෙකුට තිබුණු ගැටළුව වුණේ ජැක්සන්ගේ ඇඳ.

මේ වෙනකොට ගොඩක් අයගේ තිබුණු ගැටලුවට සජිත ජැක්සන්ගේ අවමංගල්‍ය අවස්ථාවේදී ස්තූතියි කතාව කරමින් පිළිතුරු ලබා දුන්නා.

අපේ මිනිස්සු එතනිනුත් නොනැවති දැන් දිගින් දිගටම සජිතට ගහන්න පටන් අරන්.

උපන්දින සැමරුමක ඡායාරූප පෙළක් වන මෙම ඡායාරූප පෙළේ ජැක්සන්‌ගේ අනතුර කේක් ගෙඩියක් ලෙස නිර්මාණය කර ඇති අයුරු දැක ගත හැකියි.

විශ්මයට කරුණ නම් ඒ කේක් ගෙඩිය කැපීම සඳහා කුමාරි මුණසිංහ, අකිල ධනුද්දර සහ බිරිඳ ද එක්ව සිටීමයි.

මේ ඡායාරූප පෙළට විරෝධය දක්වමින් චතුර ජයලත් සිය මුහුණු පොතේ සටහනක් තබා තිබෙනවා.

උඹේ තාත්තා ගහකින් වැටිලා එකතැන් වුණාට පස්සේ ගමේ අඳුරන කවුරු හරි එකෙක් ඇවිල්ලා උඹේ තාත්තා ගහෙන් වැටුණු සංසිද්ධිය නිරූපණය වෙන්න කේක් එකක් හදලා, තාත්තට ඉක්මන් සුවය පතලා කේක් එකක් කපලා wish කරමුද ඇහුවොත්; උඹ ගිහින් මෙහෙම හිනාවෙලා අනේ ඉක්මන් සුව ලැබේවා කියලා photos ගහගෙන එනවද?

එහෙම නැත්තම් මේ වගේ දෙයක් entertain කරන්න තරම් පහත් මානසික ලෙඩ්ඩු වෙන්න එපා කියලා උංටත් පදේ කියලා බැනලා එනවද?

මං කියන්නෙම මේ ජැක්සන් මහත්මයා අමාරුවෙන් හදාගත්තු නම එයාගෙම පවුලෙ අය විනාස කරා කියලාමයි!

ඒ තාත්තා දන්නවානම් තමන්ගෙම දරුවෝ තමන්ගෙ අනතුර මෙහෙම ආතල් එකකට ගන්නවා කියලා හුස්ම හිරකරගන්නේ මීට සෑහෙන්න කලින්!





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: