hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 26, පෙ.ව. 7:30



ඉන්දියාවේ ශ්‍රද්ධා වෝල්කාර් නැමැති කාන්තාවක් ඝාතනය කර සිරුර කොටස්වලට කපා ශීතකරණයක දැමීම සම්බන්ධයෙන් විරෝධතා මතුව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

එරට විරෝධතාකරුවන් ඝාතකයා බවට විශ්වාස කෙරෙන පුද්ගලයාගේ අනුරූ පුළුස්සා, ඔහුට දැඩි දඬුවම් ඉල්ලා සිටිමින් විරෝධතා පවත්වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

දිල්ලි අගනුවර පොලිසිය විසින් 27 හැවිරිදි ශ්‍රද්ධා වෝල්කාර් නැමැති කාන්තාව ඇයගේ පෙම්වතා විසින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කෙරුණේ පසුගිය සතියේයි.

ශ්‍රද්ධා වෝල්කාර් පසුගිය මැයි මාසයේදී ඝාතනයට ලක් වී ඇති නමුත් ඇයගේ පියා විසින් ඇය අතුරුදන්ව ඇති බවට වාර්තා කිරීමෙන් පසු ඇයගේ මරණය පසුගියදා අනාවරණය වූණා.

ශ්‍රද්ධාගේ හිස් කබල, ජංගම දුරකථනය, මිනීමැරීම සඳහා භාවිතා කළ අවිය තවමත් අතුරුදන් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඇයව ඝාතනය කළ පූනාවල නැමති පුද්ගලයා අත්අඩංගුවේ පසුවන අතර තවමත් මෙම ඝාතනය පිළිබඳව කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුට එරෙහිව පැතිර යන තොරතුරු නිවැරදි නොවන බවත් පොලිස් විමර්ශනයට තමා සම්පූර්ණයෙන්ම සහයෝගය දක්වන බවත් සඳහන් කර තිබෙන බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම අපරාධය “ශීතකරණ මිනීමැරුම” ලෙස නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තරුණයෙක් පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාලා

පෙම්වතියව කෑලි 35කට කපා ඝාතනය කරන්න කලින් පෙම්වතා මිලදී ගත් දේවල් ගැන අනාවරණයක්

පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

පෙම්වතියව කෑලි 35කට කපා ඝාතනය කළ පාපතර පෙම්වතාගේ ඇඟ හිරිටැටෙන පාපොච්චාරණය





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: