hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 21, පෙ.ව. 8:05



අතිශය උණුසුම්කාරී දේශගුණික තත්ත්වයකට මුහුණ පා සිටින දකුණු සුඩානයේ සියලු පාසල් සති දෙකක කාලයකට වසා දැමීමට එරට රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කර සිටිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ, සිය දරුවන් නිවෙසින් පිටතට නොයවන ලෙස එරට සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කර ඇති බවයි.

මේ හේතුවෙන් ඉදිරි සති දෙකක කාලය ඇතුළත සෙල්සියස් අංශක 45කට වැඩි උෂ්ණත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි,පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් දකුණු සුඩානයේ රජය ජනතාවට දැනුම් දී ඇත්තේ.

එබැවින් රජයේ නියෝග පැහැර හැර විවෘතව තබන ඕනෑම පාසලක ලියාපදිංචිය අත්හිටුවන බවට අනතුරු අඟවා ඇතැයි ද වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: