hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූනි 27, ප.ව. 3:27



මෙරට භූමියේ අවශ්‍ය කැනීම් සිදුකර ගෑස් සහ බොරතෙල් ලබාගැනීම සඳහා සවිස්තරාත්මකව තොරතුරු ඇතුළත් කරන ලද මාර්ග සිතියමක් සකස් කරන ලෙස කෝපා කමිටුව විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ට මෙම උපදෙස් ලබාදුන්නේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (22) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදී ලංකාවේ සැලසුම් කොට ඇති ස්වභාවික වායු කැනීමේ ව්‍යාපෘති (LNG) පිළිබඳව සහ ඒ්වායේ වර්තමාන තත්ත්වය පිළිබඳ ඉදිරිපත්කිරීමක් අමාත්‍යාංශ නිලධාරීන් සිදු කළ අතර මෙම කැනීම් සඳහා විවිධ බාධාවන් පවතින බවද ඔවුහු පෙන්වා දුන්නා.

මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් විසින් මේ සඳහා සම්බන්ධවන පාර්ශ්වයන් පිළිබඳව විමසා තිබෙනවා. එසේම මෙම කැනීම් සඳහා විදේශ රජයන්ගේ උපදෙස් අවශ්‍යවන්නේදැයි එම මන්ත්‍රීවරු විමසා සිටියා.

මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ එසේ වෙනත් රජයන්ගෙන් උපදෙස් අවශ්‍ය නොවන බවයි.

මේ අනුව මෙම කැනීම් ඉක්මනින් සිදු කොට අවසන් විය යුතු බවත් එය රටේ අවශ්‍යතාවයක් බවත් එබැවින් මෙම කැනීම් සිදු කිරීමට මාර්ග සිතියමක් ඉක්මනින් සකස් කරන ලෙසත් කෝපා කමිටුව නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: