2024 පෙබරවාරි 01, පෙ.ව. 12:02
සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (01) සංකේත වැඩ වර්ජනයක නිරත වීමට නියමිතයි.
ඒ රුපියල් 35,000කින් ඉහළ දැමීමට තීරණය කළ වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනා හෙවත් ඩැට් දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලමින් ය.
ඒ සම්බන්ධයෙන් ඊයේ දහවල් ද වෘත්තී සමිති කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.
එවැනි පසුබිමක තවමත් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දීමනාවක් ලබා දීම කෙරෙහි රජය හෝ මුදල් අමාත්‍යාංශය පාර්ශ්වයෙන් සාධනීය මැදිහත් වීමක් නොමැති වීම හේතුවෙන් අද දිනයේ සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඒකාබද්ධව වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සඳහන් කළා.
මේ අතර ප්‍රශ්නගත ඖෂධ ගණුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සදහා හිටපු සෞඛය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.
කෙසේ වෙතත්, එම සිද්ධියට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බව ද වාර්තා වෙනවා.
2026 මැයි 06, ප.ව. 4:36
2026 මැයි 06, ප.ව. 1:15
2026 මැයි 06, ප.ව. 1:11
2026 මැයි 06, ප.ව. 1:10
2026 මැයි 06, පෙ.ව. 11:57
06-05-26
06-05-26
05-05-26
05-05-26
04-05-26
04-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
29-04-26
29-04-26
23-04-26
23-04-26
22-04-26
22-04-26
19-04-26
19-04-26
18-04-26
18-04-26
17-04-26
17-04-26
15-04-26
15-04-26