hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 14, පෙ.ව. 12:05



ඔබගේ ජංගම දුරකථනයට එදිනෙදා භාවිතා කරන අවස්ථාවල ගොඩක් වෙලාවට විවිධ වර්ගයේ පණිවිඩ ලැබෙනවා.

මෙම පණිවිඩ අතරින් සමහර වෙලාවට ඔබ දැකලා ඇති ලින්ක් එකක් එක්ක සමහර පණිවිඩ එන්න පුළුවන්.

ඒක සමහර වෙලාවට මේ ලින්ක් එක හරහා ඔබගේ වටිනා පෞද්ගලික තොරතුරු ලබාගන්න දරන උත්සාහයක් වෙන්න පුළුවන්.

මේ පණිවිඩ දිහා බලද්දී ගොඩක් වෙලාවට ඔබව රවටා ගන්නා ස්වරූපයෙන් මේ ලින්ක් ගොඩක් වෙලාවට එන්න පුළුවන්.

මේ ලින්ක් වල ඕගොල්ලොන්ට බලපුවහම තේරෙනවා යම්කිසි ත්‍යාග මුදලක් ජයග්‍රහණය කරලා, එහෙම නැත්නම් ඔබට රැකියා අවස්ථාවක් ලබා දෙනවා කියන මුවාවෙන් මෙවැනි විවිධ වර්ගයේ ස්වරූපයෙන් මේ ලින්ක් ඔබට ලැබෙන්න පුළුවන්.

ඉතින් එහිදී එම ලින්ක් ක්ලික් කිරීමෙන් වළකින්න.

සමහර අවස්ථාවල මෙම ලින්ක් එක ක්ලික් කිරීම හරහා ඔබගේ ජංගම දුරකථනයට ව්‍යාජ මෘදුකාංගයක් ස්ථාපනය වෙන්න හැකියාවක් තියෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: