hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 14, පෙ.ව. 8:43



ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන බවත් ඒ සඳහා ඉදිරියේ දී නව නීති හඳුන්වාදීමට ද බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.  

ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ ඒකාබද්ධ යාන්ත්‍රණ කමිටු නියෝජිතයන් දැනුවත් කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (13) පැවති සාකච්ඡාවට එක්වෙමින්.

ආහාර සුරක්ෂිතතාව සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය තහවුරු කිරීමේ දී නිවැරදි දත්ත ලබා ගැනීමේ අවශ්‍යතාවය  පැහැදිලි කළ ජනාධිපතිවරයා ජාතික මටිටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් තිබෙන දත්තවල විශාල වෙනස්කම් දක්නට ඇති බවත්, ඒවා කඩිනමින් නිවැරදි කරගත යුතු බවත් අවධාරණය කළා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: