hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 31, පෙ.ව. 11:34



අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා බාධාවකින් තොරව තව දුරටත් පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමට පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ඊට අවශ්‍ය රුපියල් බිලියන 695ක ප්‍රතිපාදන ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘති යටතේ සලසා ගනු ඇති.

ඊට අදාළ යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

පවතින අයහපත් ආර්ථික වාතාවරණය හේතුවෙන් මහ ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති පීඩා හැකි පමණ අවම කිරීම සඳහා සමෘද්ධිලාභීන්ට, වතු ජනතාවට, විශ්‍රාමිකයින්ට හා රජයේ සේවකයින්ට 2022 වර්ෂයේ ආරම්භයේදී රජය විසින් සහන පැකේජයක් හඳුන්වා දී තිබුණා.

ඒ සඳහා ද මෙම පරිපූරක ඇස්තමේන්තුවෙන් මුදල් වෙන්කිරීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: