hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූනි 26, ප.ව. 2:56



ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් රුසියාව සමඟ සාකච්ඡා කිරිමට අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට එරට බලා පිටත්ව යාමට නියමිතයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ වෙනත් රාජාතාන්ත්‍රික කටයුත්තක් සඳහා සහභාගි වන අතරතුර ඔවුන් අදාළ සාකච්ඡා සඳහා එක්වන බවයි.

මේ අතර රට සතුව මේ වන විට පවතින්නේ, ඩීසල් මෙටි්‍රක් ටොන් 9000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 6,000ක් පමණක් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා.

ඔහු මෙහි දී කියා සිටියේ මීට අමතරව හෙට දිනයේ අයි.ඕ.සී සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 10,000ක් මිලදී ගැනීමට අපේක්ෂා කරන බවයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධන හල් වල ඉන්ධන මිල අද (26) සිට ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව පෙට්‍රල් 92 රුපියල් 50කින්ද, පෙට්‍රල් 95 රුපියල් රුපියල් 100කින්ද, ඔටෝ ඩීසල් රුපියල් 60කින්ද, සුපර් ඩීසල් රුපියල් 75කින්ද මිල ඉහල නංවා තිබෙනවා.

ඔක්ටේන් 92 පෙට්‍රල් නව මිල රුපියල් 470

ඔක්ටේන් 95 පෙට්‍රල් නව මිල රුපියල් 550

ඔටෝ ඩීසල් නව මිල රුපියල් 460

සුපර් ඩීසල් නව මිල 520





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: