hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:04



වේදිකාවත්, සිනමාවත්, පුංචි තිරයත් දිග්විජය කළ ජැක්සන් ඇන්තනී, මෙරට කලා කෙත පෝෂණය කළ ප්‍රතිභාපූර්ණ රංගධරයෙක්, ගේය පද රචකයෙක්, අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක්, ගුරුවරයෙක්, ගායකයෙක්, ලේඛකයෙක්, නිවේදකයෙක්, ඉතිහාස විශ්ලේෂකයෙක්, පරිසර ගවේෂකයෙක් මෙන්ම විශිෂ්ට මාධ්‍යවේදියකුද විය.

සම්මාන පිට සම්මානයන්ට පාත්‍ර වූ මේ අසහාය රංගධරයාණන්ගේ නික්මයෑම අප රටට, කලාවට පිරවිය නොහැකි පාඩුවක් වුවද ඔහුගේ මතක අප සිත් සතන් තුළින් කිසිදා නික්ම නොයනු ඇත.

ජැක්සන් ඇන්තනී යන නාමය සදා අමරණීයය.

මේ ආදරණීය, උතුම් ගති පැවතුම් ඇති රංගධරයාණන් තම ප්‍රාණය හා සමානව ආදරය කළ, තම එකම දියණිය වන මාධවී ඇන්තනී තම ආදරණීය අප්පච්චිගේ වෙන්වයෑම පිළිබඳ සෑහෙන්න මානසික පිඩනයකින් ඉන්නේ.

අප්පච්චි අසනීප වෙලා රෝහලට ගෙනියන අවස්ථාවේ, ඒ හැඟීම මොන විදිහටද දැණුනේ?

“මට ඒ ආරංචිය ලැබෙනකොට මම හිටියෙ කඩවත මහගෙදර.අම්මා අඬමින් මට විස්තරේ කියද්දිත් අප්පච්චි අනතුරකට පත් වෙලා කියලා මට ආරංචි වෙලා තිබුණේ. ඒත් මම ඒක ඒ තරම් බරපතළ දෙයක් කියලා හීනෙකින් වත් හිතුවේ නෑ. අහිංසක මගෙ අප්පච්චිට එහෙම වෙයි කියලා මම ඇදහුවේ නෑ. අප්පච්චිව එක දවසක් හෝ මුණගැහුණු කෙනෙක් අප්පච්චිට ආදරේ නොවී තියෙන්නෙ නෑ. පෙනුමින් ප්‍රතාපවත් වගේම දැනුමෙන් මනා පෞරුෂයක් තියෙන කෙනෙක් වුණාට අප්පච්චි හරිම සානුකම්පිත, ළපටි හිතක් තියෙන පොඩ්ඩ බැරි වෙන්න බෑ කඳුළු උණන, අහිංසක කෙනෙක්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: