hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 19, පෙ.ව. 10:43



“මම ඔයාව පුදුම කරනවා” කියා සරසවි සිසුවියගේ දෑස් ලේන්සුවකින් බැඳ තම පෙම්වතිය ඝාතනය කළ බව තුරඟ තරග පිටියේදී කොළඹ සරසවියේ සිසුවියක් ඝාතනය කළ සිද්ධියේ සැකකාර සිසුවා පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.

විශේෂ දෙයක් කතා කිරීමට අවශ්‍ය බව තමන් “චූටි” නමින් ආමන්ත්‍රණය කරන පෙම්වතියට පැවසා ඇය සමඟ කොළඹ තුරඟ තරග පිටියට පැමිණි බව සැකකාර තරුණයා ප්‍රකාශ කර තිබෙනවා.

“ එයා මගෙත් එක්ක කිහිප අවස්ථාවක්ම තරහා වුණා. ඒත් අපි ආයිත් යාළු වුණා.“ යැයිද සිසුවා පොලිසිය හමුවේ කියා තිබුණා.

“ එයත් එක්ක කතාකරමින් ඉන්නකොට මට හිතුනා එයා මාව අතහැර යයි කියල. අපි දෙන්න ගැලපෙන්නේ නැහැ කියලත් එයා කියල තිබ්බ නිසා මට හිතුනා වෙන කෙනකුට එයාව අයිති වෙන්න දෙන්න බැහැ කියල. “සැකකාර තරුණයා විසින් සිය පෙම්වතියගේ ගෙල කපා දැමුවේ යැයි කියන්නේ මෙම සිතුවිල්ලත් සමඟින්.

මෙහිදී සැකකාර තරුණයා පොලීසියට පවසා ඇත්තේ ඇය තමන්ට නිරන්තරයෙන් බැන වදින බවත් තමන් මානසික රෝගියෙක් බව පවසමින්ද තමන්ට පරිභව කරන බව සැකකාර තරුණයා පොලීසියට පවසා තිබෙනවා.

පසුගිය සෙනසුරාදා දිනයේ නැවත වරක් තමන් සහ පෙම්වතිය අතර බහින්බස්වීමක් සිදුවූ බවද සැකකාර තරුණයා පොලීසියට පවසා තිබෙනවා.

ඒ අනුව ඝාතන සැලැස්මේ පළමු පියවර ලෙස ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් රුපියල් 140ක මුදලකට පිහියක් මිලදී ගත් බවද තරුණයා හෙළිදරව් කර තිබෙනවා.

ඔහු වැඩිදුරටත් පොලීසියට පවසා ඇත්තේ තමන් අඟහරුවාදා දිනයේ එම පිහියද බෑගයේ දමාගෙන සිය නිවසේ සිට පැමිණි බවයි.

විශ්වවිද්‍යාලයේ උදෑසන පළමු දේශනයට සහභාගීවීමෙන් අනතුරුව “විශේෂ කතාවක් තියෙනවා තුරඟ තරග පිටියට යමුද කියලා මම චූටිට කිව්වා” සැකකාර තරුණයා පවසනවා.

ප්‍රථමයෙන් ඝාතනයට ලක්වූ තරුණිය එයට අකමැත්ත පළකළද පසුව තමන් බලකළ නිසා ඇය කැමති වූ බවද සැකකාර තරුණයා පොලීසියට පවසා තිබේ.

එහිදී ඇයව පුදුමයට පත්කිරීමට අවශ්‍ය බව පවසා සැකකාර තරුණයා විසින් ඝාතනයට ලක්වූ තරුණියගේ දෑස් ලේන්සුවකින් බැඳ පිහියෙන් ගෙළට ඇන ඝාතනය සිදුකළ බව පොලීසියට පවසා තිබෙනවා.

එහිදී ඝාතනයට ලක්වූ තරුණිය කෑ ගසා ලේන්සුව දෑස්වලින් ඉවත්කර උදව් ඉල්ලූ බවත් එහිදී තමන් තවත් පිහි පහරක් ඇයගේ ගෙළට එල්ලකළ බවත් සැකකාර තරුණයා පොලීසියට පවසා තිබෙනවා.

එම ස්ථානයේ සිටි පිරිස් ඝාතනය සිදුවූ ස්ථානයට පැමිණේ යැයි බියෙන් තමන් එම ස්ථානයෙන් දිවගිය බවද සැකකාර තරුණයා පොලීසියට පවසා තිබෙනවා.

“පළායන මොහොතේ මම චූටි දිහා නැවතත් හැරිලා බැලුවා ඒ මොහොතේ චූටි කිසිදු හැලහොල්මනක් නැතුව වැටිලා හිටියා.” තරුණයා එලෙස සිය වචනයෙන් පොලීසියට පවසා ඇත්තේ එලෙසයි.

තමන් එම ස්ථානයෙන් කෙළින්ම වැල්ලම්පිටියට ගිය බවත් දුම්රියක් පැමිණෙන තුරු බලා සිටියද දුම්රියක් නොපැමිණීම හේතුවෙන් දෙවරක් සියදිවි හානිකරගැනීම සඳහා කැලණි ගඟට පැන්න බවද සැකකාර තරුණයා සිය කට උත්තරයෙන් පොලීසිය වෙත වැඩිදුරටත් පවසා තිබෙනවා.

දවස් 3කට කලිනුත් ආදරෙන් හිටියාද? – තරුණිය ඝාතනය කළ සරසවි පෙම්වතාගේ මුහුණුපොතින් හෙළි වූ අලුත්ම කතාව මෙන්න

“මට එයාව ඕනේ – එයා නැතිව බැහැ” – සරසවි පෙම්වතියව ඝාතනය කළ පෙම්වතා පොලීසිය ඉදිරියේ හඩා වැටෙයි

සරසවි සිසුවියගේ ඝාතනයේ CCTV දර්ශන එළියට

සරසවි පෙම්වතියව ඝාතනය කළ පෙම්වතා කොටු කර ගත් මෙහෙයුම මෙන්න

සරසවි පෙම්වතියව ඝාතනය කිරීමේ සිද්ධිය: සරසවි සිසුවිය ගැන තොරතුරු රැසක් එළියට

පෙම්වතා‌ගේ පිහි පහරින් මිය ගිය තරුණිගේ ඝාතනය ගැන තොරතුරු එළියට – දෙදෙනාම එකම සරසවියේ

සරසවි පෙම්වතියව ඝාතනය කළ පෙම්වතා කොටු වෙයි

තුරඟ තරග පිටිය අසලදී ගෙල කපා තරුණියක ඝාතනය කෙරේ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: