hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 27, ප.ව. 9:02



පිත්තාශයේ ගල් ඉවත් කිරීමේ සැත්කමකට මුහුණ දුන් හර්ෂණී ධර්මවික්‍රම හදිසියේ දිවි ගමනට සමු දුන්නේ විවාහයෙන් මාස එක හමාරක් ගත වීමටත් මත්තෙන්.

දහසක් පැතුම් පොදි බැද සිනහවෙන් හෙට දිනට මුහුණ දීමට වෙර දැරූ මේ රුවැත්තියට අත් වූ නපුරු ඉරණම පිලිබදව සමාජ මාධ්‍ය තුළ මේ වන විට පවතින්නේ දැඩි කතා බහක්.

උපන්දිනය යෙදී තිබුණු අද දිනයේම ඇයගේ නිසල සිරුර නිවසට රැගෙන ඒමට සිදුවීම දෛවයේ සරදමක්.

විවාහයෙන් දින 18කට පසු පසු ඇයව පෞද්ගලික රෝහලකට ඇතුළත් කළා.

පිත්තාශායේ ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සිදු කළ යුතු බවයි ඇයව පරීක්ෂා කළ ශල්‍ය වෛද්‍යවරයාගේ නිගමනය වී තිබුණේ.

සැත්කමට බියෙන් පසු වූවත් ඒ හැගීම තරමක් දුරට පහව ගියේ ආදරණීය ඇගේ සැමියා රසික නිරන්තරයෙන්ම ඇය අසලම රැදී සිටීම හේතුවෙන්.

එම රෝහලේදී ඇයට සැත්කමට මුහුණ දීමට සිදු වූයේ සැප්තැම්බර් පළමු වනදායි.

හර්ෂණීගේ බාල සහෝදරයා සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා,

“උදේ 5ට එයා සර්ජරි එකට අරගෙන සර්ජරි එකේ වැඩ කටයුතු ඉවර වෙලා උදේ 8ට එයාව කාමරේට ගෙනල්ලා දැම්මා. ඊට පස්සේ එයාට මුත්‍රා ලේ පාටින් යන්න ගත්තා. ඊට පස්සේ බඩ ඉදිමෙන්න ගත්තා. ඒ විගසම එයාව අයි සී යූ එකට ගත්තා. වෛද්‍යවරයා මාර සිම්පල් විදියට කතා කලේ. මේක පොඩි දෙයක් කියලා සිම්පල් ඇවිල්ලා කතා කළේ. මගේ පැත්තෙන් මගේ වැඩ කටයුතු මම හරියට කළා. එයා ගොඩක් වේදනා විදලා 25 අයි සී යූ එකේ ඉදලම සදහට අපෙන් වෙන් වුණා. මම බලධාරීන්ට කියන්නේ මගේ අක්කට මේ වුණා වගේ සිද්ධියක් ආයේ කාටවත් වෙන්න දෙන්න එපා කියලා.”

කෙසේවූවද කිසිකෙනෙක් බලාපොරොත්තු නොවූ පරිදි එදා අසාධ්‍ය තත්ත්වයට පත් වූ හර්ෂණී ඊට පසු දිනම රාගම ශික්ෂණ රෝහල වෙත මාරු කර යවනු ලැබුවා.

සති තුනකට වැඩි කාලයක් රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ හර්ෂණී ඇය ආදරය කළ සියලුදෙනාම තනිකොට ඇය ජීවිතයෙන් සමු ගත්තා.

ජීවිතයෙන් සමු ගන්න කලින් හර්ෂණී සැමියා සමඟ රෝහලේගත කළ සුන්දර වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි (VIDEO)

සැත්කමකට පසුව දිවි අහිමිවූවා යැයි කියන යුවතියගේ සිදුවීමේ ඇත්ත හෙලිවෙයි

සැත්කමින් පසු දිවි අහිමි වූ බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් සැමියා තැබූ ආදරණිය සටහන

දොස්තර පුද්ගලික රෝහලක මිසීලත් එක්ක නටපු නාඩගම් එළියට (PHOTOS)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: