2022 ඔක්‍තෝබර් 01, ප.ව. 7:45
පෞද්ගලික රෝහලක නොසැලකිල්ල නිසා මියගිය බව කියන හර්ෂණී ධර්මවික්‍රමගේ පවුලේ ඥාතීන් අද (01) පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
නීතිඥවරුන් සමග වත්තල පොලීසියට පැමිණි ඇයගේ පවුලේ ඥාතීන් අදාළ පැමිණිල්ල සිදුකර තිබෙනවා.
ජා-ඇල – දෑලතුර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණියක් වත්තල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත යොමුව තිබුණේ උදරය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහායි.
ඇයට පිත්තාශයේ ගල් හට ගෙන ඇති බැවින් ශල්‍යකර්මයක් සිදු කිරීමට වෛද්‍යවරයා නිර්දේශ කර තිබුණා.
ඒ අනුව පසුගිය සැප්තැම්බර් මස පළවනදා වෛද්‍යවරයා විසින් අදාළ ශල්‍යකර්මය සිදුකර ඇති අතර අනතුරුව ඇති වූ සංකූලතා හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහිදී ඇය පසුගිය 25 වනදා ජිවිතක්ෂයට පත්වුණා.
මෙම මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ දැඩි කතාබහකට ලක් වූ අතර, ශල්‍යකර්මය සිදුකළ වෛද්‍යවරයාට ද ඒ පිළිබඳව චෝදනා එල්ල වුණා.
2025 අප්‍රේල් 29, පෙ.ව. 12:30
2025 අප්‍රේල් 29, පෙ.ව. 12:15
2025 අප්‍රේල් 29, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 29, පෙ.ව. 12:08
2025 අප්‍රේල් 29, පෙ.ව. 12:06
21-06-23
21-06-23
16-11-22
16-11-22
19-10-22
19-10-22
08-10-22
08-10-22
03-10-22
03-10-22
01-10-22
01-10-22
30-09-22
30-09-22
29-09-22
29-09-22
29-09-22
29-09-22
29-09-22
29-09-22
28-09-22
28-09-22
28-09-22
28-09-22