hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 09, පෙ.ව. 8:02



කොළඹ කොටුවේ පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන යමින් ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ වෘත්තිකයන්ගෙන් රුපියල් කෝටි ගණනින් ආයෝජන ලෙස මුදල් ගෙන කළ වංචා කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් කාන්තාව සිය ආයෝජකයන්ට සුරූපී නිළියන් සහ නිරූපිකාවන් සමඟ කිට්ටු සම්බන්ධතා ඇති කර දෙමින් ඒවා වීඩියෝගත කර ඒවා ප්‍රසිද්ධ කරන බවට ආයෝජකයන් බියගන්වමින් මේ චංචාව කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇතැයි වැඩිදුර විමර්ශනවලින් පෙනී ගොස් තිබෙනවා.

මේ කටයුත්තට ඇය විසින් යොදාගෙන ඇත්තේ ඇයට ඉතා විශ්වාසවන්ත සහ සමීප නළු නිළියන් සහ නිරූපිකාවන් කිහිප දෙනකුවයි.

ඒ අය අතරින් 06 දෙනකු පැහැදිලිවම හඳුනා ගැනීමට මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව තිබෙනවා. ඔවුන්ගෙන් දෙදෙනෙක් ජනප්‍රිය නිළියන් දෙදෙනෙක්.

විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ මේ එක් ව්‍යාපාරිකයකු සමඟ ඉතා සමීපව ඇසුරු කරමින් ඒ අයගේ පෞද්ගලික ජීවිතය ගැන කථාබහ කරමින් ලිංගික ජීවිතය ගැනද කථාබහ කිරීම සඳහා මේ නිළියන් සහ නිරූපිකාවන්ට රුපියල් ලක්ෂ 5ත් 10ත් අතර මුදලක් දී ඇති බවයි.

ආයෝජකයන්ගේ හැගීම් අවුස්සා කරන මේ ක්‍රියාව ඇය විසින් පටිගත කරගෙන තබාගෙන ආයෝජකයන් සිය ආයෝජන මුදල් ඉල්ලා සිටින විට ඒවා පෙන්වා බිය ගන්වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට පෙනී ගොස් තිබෙනවා.

ඇය මේ කටයුත්ත ඉතා සැලසුම් සහගතව කරගෙන ගොස් ඇති බවත් මේ හේතුව නිසා ඇගේ සමාගමේ මුදල් ආයෝජනය කළ විශාල පිරිසක් ඇයට එරෙහිව පැමිණිලි කිරීමට ඉදිරිපත් නොවන බවත් විමර්ශනවලින් පෙනී ගොස් තිබෙනවා.

මෙසේ නිළියන් යොදාගෙන ඇය විසින් කළ සෙල්ලම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙනම විමර්ශන කණ්ඩායමක් යොදා විමර්ශන ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.

එය තාක්ෂණය හා සම්බන්ධ මෙහෙයුමක් වනු ඇති බවද එම නිලධාරියා සඳහන් කළා.

මේ කාන්තාව විසින් කිසිදු ව්‍යාපාරයක් පවත්වාගෙන නොයන බවත් ලියාපදිංචි කර ඇති ව්‍යාපාර 06ක් සමූහ ව්‍යාපාරයක් ලෙස පෙන්වමින් මුදල් ආයෝජන ගෙන සුරසැප විඳිමින් සිට ඇති බවත් විමර්ශනවලින් පෙනී ගොස් තිබෙනවා.

ඇගේ ව්‍යාපාර ගොන්න අතර ඉන්ධන සමාගමක්ද වන බව විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

ඇගේ මේ වංචාවට සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් හසුවී ඇති අතර, ඒ අතර වැඩි දෙනෙක්ම අප්‍රකට ව්‍යාපාරිකයන් බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. ඇය ආරක්ෂක අංශ සාමාජිකයන් කිහිප දෙදෙනක්ද ඉතා කිට්ටුවෙන් ඇසුරු කර ඇති බැවින් ඇයට ඒ අයගෙන් රැකවරණයද ලැබී තිබෙන බව පෙනී ගොස් තිබෙනවා.

ව්‍යාපාරිකයන්ට අමතරව නීතිඥයන්, භික්ෂූන් වහන්සේ, කලාකරුවන්, දේශපාලනඥයකුද මේ කාන්තාවට හසුවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙනී ගොස් තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ ඇය විසින් කර ඇති වංචාවේ තරම රුපියල් කෝටි 100 ඉක්මවනු ඇති බව මෙතෙක් කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් ඇති බවයි.

ඇතැම් පුද්ගලයන් ආදායම් බදුවලට හසුවනු ඇතැයි බියෙන් පැමිණිලි කිරීමට මැළිකමක් දක්වා ඇති බවත් පැමිණිලි කර ඇති අයගෙන් ඇතැම් අය අඩු අගයක් සඳහන් කරමින් පැමිණිලි කර ඇති බවත් එම නිලධාරියා සඳහන් කළා.

රුපියල් කෝටි 80ක් මේ කාන්තාව ළඟ ආයෝජනය කළ දේශපාලනඥයෙක් පැමිණිලි කර ඇත්තේ රුපියල් කෝටි 10ක මුදලක් ගැන පමණක් බවද අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙනී ගොස් තිබෙනවා.

මේ කාන්තාව ළඟ රුපියල් කෝටි 15ක මුදලක් ආයෝජනය කර ඇති කලාකරුවෙක් මෙන්ම දේශපාලනයේ නිරතව සිටින ප්‍රබල චරිතයක්ද සිටින බවත් ඔහු ඉදිරි දිනක අපරාධ පරීක්ෂණ දෙපර්තමේතුවට පැමිණිලි කිරීමේ සූදානමින් සිටින බවද සඳහන්.

ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට පත් වීමත් සමඟ ඇගේ වංචාවට හසුවූ විශාල පිරිසකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුරකතන ඇමතුම් ගලා එන බවද ආරංචි මාර්ග අනාවරණය කළේ.

ඒ අයද ඇයට එරෙහිව පැමිණිලි කළහොත් ඇය විසින් කළ වංචාවේ ප්‍රමාණය රුපියල් කෝටි 200 ඉක්මවා යනු ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළා.

මේ කාන්තාව මෙවන් වංචා කිරීම් සම්බන්ධයෙන් මෙයට පෙර අවස්ථා 07කදී අත්අඩංගුවට ගෙන ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයව පසුගිය 05 දා අත්අඩංගුවට ගැනීමට පෙර මේ වසරේදීම ජූලි මාසයේදී මීගමුව පොලිසිය මඟින්ද ඇයව අත්අඩංගුවට ගෙන තිබේ. 2017 වසරේදී ඇයව කුරුඳුවත්ත පොලිසියත් 2018 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා දෙකකදීත් මිරිහාන පොලිසියට එක් වතාවකදීත් ඇයව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සියලු අත්අඩංගුවට ගැනීම් කර ඇත්තේ මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන්.

ඇය වෘත්තියක් ලෙස මුදල් වංචාවේ නිරතව සිටින බවත් ඇගේ සුරූපී බව මෙවලමක් කර ගනිමින් ප්‍රභූවරුන්ට සමීප වෙමින් මේ ජාවාරම කරගෙන ගොස් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙනී ගොස් තිබෙනවා.

ප්‍රියමාලි කෝටි ගණනින් විද්ද ලොක්කන් ගැන තොරතුරු එළියට

කෝටි ගණනින් මුදල් විද්ද ප්‍රියමාලි ජනපති ආර්යාවක් සමඟත් ඉඳලා (PHOTOS)

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලි හිටපු ප්‍රබල ඇමතිවරයෙක් එක්කත් ඉඳලා – ඡායාරූප එළියට (PHOTOS)

කෝටිපතියන් රවටා කෝටි ගණනින් මුදල් වලට විද්ද ප්‍රියමාලි නළු නිලියෝ එක්ක ළඟින්ම ඉඳලා – ඡායාරූප එකින් එක එළියට (PHOTOS)

කෝටි ගණන් විද්ද ප්‍රියමාලිගේ උත්සවයකට ආ ප්‍රභූ ලැයිස්තුව මෙන්න (PHOTOS)

කෝටි ගණන් වංචා කරපු තිලිණි ප්‍රියමාලි එක්ක රාජපක්ෂ පවුලත් සම්බන්ධද?





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: