hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 12, පෙ.ව. 5:42



කොළඹ කොටුවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් වැඩි ලාභාංශ දෙන බව කියමින් ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයන් හා භික්ෂුන් වහන්සේගෙන් කෝටි ගණනක් වංචා කළ බවට චෝදනා එල්ල වූ කාන්තාවකගෙන් එම මුදල් ඉල්ලූ විට ඔවුන් සමග ලිංගික කාරනා කතා කර ප්‍රසිද්ධ කිරීමට නිළියක් යොදාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

ප්‍රසිද්ධ නිළියක යොදාගෙන මෙම ප්‍රකෝටිපතියන් සමග කතා කරන ලිංගික කරුණු ඇතුළත් සංවාද පටිගත කර ඒවා මුදාහරින බවට මුදල් ඉල්ලා එන අය බියවද්දවා ඇතැයි හෙළි වී තිබෙනවා.

මෙම ප්‍රසිද්ධ නිළියට එම ලිංගික සංවාද හඬපට රහසේ පටිගත කරදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් සැකකාරිය විසින් ගෙවා ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මේ හේතුවෙන් මෙම ව්‍යාපාරය හිමි කතට එරෙහිව පැමිණිලි කිරීමට වංචාවට ලක් වූ ප්‍රකෝටිපතියන් බිය වී ඇතැයි ද හෙළි වී ඇත.

මෙම සැකකාරිය ත්‍රිකෝ සමූහ ව්‍යාපාරය යටතේ ව්‍යාපාර රැසක් පවත්වාගෙන ගොස් තිබෙන අතර මැණික්, ගොඩනැගිලි ඉදිකිරීම්, ස්වර්ණාභරණ, චිත්‍රපටි නිෂ්පාදන, ඉඩම් මිලදී ගැනීම් සහ වෙන්දේසි කිරීම්වලට අදාළ සමාගම් 06ක් ලියාපදිංචි කර තිබූ බවද පොලිසිය පවසයි.

මෙම සැකකාරියට ඩුබායි රාජ්‍යයේද ව්‍යාපාරික ස්ථානයක් තිබෙන බව අනාවරණය වී තිබෙනවා.

සැකකාරිය ස්ථාන 04ක පදිංචි වී සිටියද ඇයට ස්ථිර පදිංචි ස්ථානයක් නොමැති බවද පොලිසිය සඳහන් කරනවා.

ඇය සමඟ ළඟින් ඇසුරු කළ අයගේ ජායාරූප මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

ඒ අතර තිලිනි ප්‍රියමාලිගේ WTC ඔෆිස් එකේ මේ වසරේ අප්‍රේල් මාසේ පැවති පූර්ණිකා පීරිස්ගේ උපන් දින සාදය පිළිබඳව දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

හැබැයි පේෂල නම් තිලිණි ප්‍රියමාලි ගැන මෙහෙමයි කියන්නේ.

“මෙහෙම දෙයකුත් තියෙනවා. අපි මේ රට තුළ ජනප්‍රිය පුරවැසියන් නිසා අපිට එක එක විදියේ මිනිසුන් ආශ්‍රය කරන්න හම්බවෙනවා. ඒක එදිනෙදා සමාජයේ සාමාන්‍ය දෙයක්. අපි පාරේ යද්දි පවා මිනිසුන් අපි එක්ක ෆොටෝ ගන්නවා. ඒ ගන්නේ කාලාන්තරයක් තිස්සේ දන්නවා වගේ කරට අත දාගෙන එහෙම. කවුරුහරි එහෙම කෙනෙක් පවා වරදකට සම්බන්ධ වුණොත් පොලිසියෙන් හෝ උසාවියෙන් ෆෝන් චෙක් කරද්දී අපි එක්ක ඉන්න ෆො​ටෝ එකක් තිබ්බොත් අපි මොකද කරන්නේ. අපි හරිම සර්ව සාධාරණ විදිහට ජීවත් වෙන්නේ. මම නම් කැමැති නැහැ මොන විදිහකින්වත් ඔළුවේ කැක්කුම් දාගන්න. මේ ර​ටේ නීතියක් තියෙනවා. ඒ වගේම හොඳ පොලිසියක් තියෙනවා. ඒ අයට පුළුවන් මේකට සම්බන්ධ අය හොයන්න.”

පුර්ණිකා පීරිස්ගේ උපන්දින සාදයේ ඡායාරූප පහතින්,

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලිගේ පැටිකිරිය පෙම්වතා වමාරයි

“මට තිලිණි එක්ක කිසිම සම්බන්ධයක් නැහැ” – එල්ල වෙන චෝදනා වලට අරගලයේ ක්‍රියාකාරිනි දමිතාගෙන් සැර පිළිතුරක්

“අපි ජීවත් වෙන්නේ සර්ව සාධාරණව” – ප්‍රියමාලිගේ හුටපට ගැන පේෂල කට අරී

“මට ඒ අය එක්ක කිසිම සම්බන්ධයක් නැහැ” – චෝදනා වලට අජිත් රෝහණගෙන් පිළිතුරු

කෝටි ගණනින් මුදල් විද්ද ප්‍රියමාලිගේ කැරැට්ටුව ගැන හඬ පට එළියට (VIDEO)

කෝටි ගණන් වංචා කරපු තිලිණි ප්‍රියමාලිට ලක්ෂ 80ක් දුන් ආණ්ඩුකාරවරයා මෙන්න

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලිගේ පැටිකිරිය එළියට

ප්‍රියමාලි කෝටි ගණනින් විද්ද ලොක්කන් ගැන තොරතුරු එළියට

කෝටි ගණනින් මුදල් විද්ද ප්‍රියමාලි ජනපති ආර්යාවක් සමඟත් ඉඳලා (PHOTOS)

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලි හිටපු ප්‍රබල ඇමතිවරයෙක් එක්කත් ඉඳලා – ඡායාරූප එළියට (PHOTOS)

කෝටිපතියන් රවටා කෝටි ගණනින් මුදල් වලට විද්ද ප්‍රියමාලි නළු නිලියෝ එක්ක ළඟින්ම ඉඳලා – ඡායාරූප එකින් එක එළියට (PHOTOS)

කෝටි ගණන් විද්ද ප්‍රියමාලිගේ උත්සවයකට ආ ප්‍රභූ ලැයිස්තුව මෙන්න (PHOTOS)

කෝටි ගණන් වංචා කරපු තිලිණි ප්‍රියමාලි එක්ක රාජපක්ෂ පවුලත් සම්බන්ධද?





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: