hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 11, ප.ව. 12:36



කොළඹ, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ මූල්‍ය සමාගමක් පවත්වාගෙන යන බව කියමින් විවිධ පුද්ගලයන් රවටා සැකකාර කාන්තාව ලබාගත මුදල රුපියල් 2,510,500,500 (රුපියල් කෝටි 251) බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාගත් නවතම වාර්තාවල සඳහන් වෙනවා.

මෙලෙස කෝටි 251ක මුදලක් විවිධ පුද්ගලයන් හරහා ලබාගෙන ඇති ඇය එම මුදල්වලට කළ කී දේ සෙවීම සඳහා වසර ගණනාවක් ඇය සමඟ සමීපව ඇසුරු කළ ඇගේ තරුණ පෙම්වතෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබෙනවා.

මෙම තරුණ පෙම්වතා 2019 වසරේ සිට ඇය සමග සමීපව කටයුතු කර ඇති අතර මොහු ඇගේ සැමියා ලෙස පෙනී සිටිමින් ඇය සමග උත්සවවලට ප්‍රිය සම්භාෂණවලට නළු නිළියන් දේශපාලනඥයන් හමුවට ගොස් ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියෙක් සඳහන් කළා.

එමෙන් ම මොහු හිටපු ප්‍රබල ඇමතිවරයෙකුගේ ද සමීපතමයෙකු වන අතර ප්‍රශ්න කිරීමේදී ඔහු රහස් පොලිසියට පවසා ඇත්තේ සැකකාරිය අත්අඩංගුවට ගැනීමට දින කිහිපයකට පෙර ඇය තමාම හඳුන්වාදුන් වෙනත් ආරක්ෂයෙකු සමග විවාහ වී ඇති බවයි.

එම විවාහයේදී ලබාගත් පින්තූරයක් ද ඔහු රහස් පොලිස් නිලධාරීන්ට පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් රහස් පොලිසියේ විමර්ශන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සැකකාරිය විසින් ලබාගෙන ඇති රුපියල් කෝටි 251ක මුදලට සිදු වූ දේ මෙම පෙම්වතාගෙන් විමසා ඇතත් ඔහු නිලධාරියාට පවසා ඇත්තේ තමා ඒ ගැන නොදන්නා බවයි.

එහිදී නිලධාරියා ඔහුට තරයේ අවවාද කර ඇති බව ද කියයි.

එමෙන් ම ඔහු ප්‍රශ්න කිරීමේදී නිලධාරීන්ට පවසා ඇත්තේ, ඇය දැන හඳුනාගත් මුල් කාලයේ තමා ද ඇයට ලක්ෂ ගණනක් දුන් බවත් පසුව ඇය තමාට ඒ මුදල වැඩියෙන් පියවා නැවතත් එම සියලු මුදල ඇය ලබාගත් බවයි.

පසුව තමා එම මුදල් ගැන විමසීමේදී තමාට රත්රන් යැයි පවසමින් පොලු දහයක් ලබාදුන් බවත්, එම රත්රන් පොලු නිවසේ සඟවා තිබූ බවත් ඔහු පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

හදිසි මුදල් අවශ්‍යතාවක් සඳහා ඉන් එක් රත්රන් පොල්ලක් විකිණීමට තැත් කිරීමේදී එම පොලු පිත්තල බවට අනාවරණය වූ බවත් ඔහු නිලධාරීන් හමුවේ පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, සැකකාරිය ගුරුකම් අතේ වැඩවලට ලක්ෂ ගණනකින් වියදම් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි රහස් පොලිසිය කියයි.

ගාල්ල ප්‍රදේශයේ ජනප්‍රිය කපුවෙකුට ඒ සඳහා රුපියල් මිලියන 70ක් වියදම් කර ඇති බව ත් ඇය පදිංචි වත්තල නිවසේ ස්ථාපනය කර ඇති බුදු පිළිමයකට සතියට සැරයක් රුපියල් ලක්ෂ 3ක පමණ නෙළුම් මල් පූජාවක් පවත්වන බවට තොරතුරු රහස් පොලිසියට ලැබී තිබෙනවා.

මේ අතර, ඇය මේ වන විට ගිණුම් හරහා ලබාගෙන ඇති රුපියල් කෝටි 251ට අමතරව තවත් සුප්‍රසිද්ධ වෛද්‍යවරයෙකුගෙන් ද ලක්ෂ 7,500ක් ලබාගෙන ඇති අතර ඔහු ද ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට නියමිතව තිබෙනවා.

දැනගන්නට ඇති ආකාරයට ඔහුට ද රත්රන් යැයි කියමින් පොලු විස්සකට වැඩි සංඛ්‍යාවක් ලබා දී ඇතැයි වාර්තා වෙනවා.

“මට තිලිණි එක්ක කිසිම සම්බන්ධයක් නැහැ” – එල්ල වෙන චෝදනා වලට අරගලයේ ක්‍රියාකාරිනි දමිතාගෙන් සැර පිළිතුරක්

“අපි ජීවත් වෙන්නේ සර්ව සාධාරණව” – ප්‍රියමාලිගේ හුටපට ගැන පේෂල කට අරී

“මට ඒ අය එක්ක කිසිම සම්බන්ධයක් නැහැ” – චෝදනා වලට අජිත් රෝහණගෙන් පිළිතුරු

කෝටි ගණනින් මුදල් විද්ද ප්‍රියමාලිගේ කැරැට්ටුව ගැන හඬ පට එළියට (VIDEO)

කෝටි ගණන් වංචා කරපු තිලිණි ප්‍රියමාලිට ලක්ෂ 80ක් දුන් ආණ්ඩුකාරවරයා මෙන්න

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලිගේ පැටිකිරිය එළියට

ප්‍රියමාලි කෝටි ගණනින් විද්ද ලොක්කන් ගැන තොරතුරු එළියට

කෝටි ගණනින් මුදල් විද්ද ප්‍රියමාලි ජනපති ආර්යාවක් සමඟත් ඉඳලා (PHOTOS)

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලි හිටපු ප්‍රබල ඇමතිවරයෙක් එක්කත් ඉඳලා – ඡායාරූප එළියට (PHOTOS)

කෝටිපතියන් රවටා කෝටි ගණනින් මුදල් වලට විද්ද ප්‍රියමාලි නළු නිලියෝ එක්ක ළඟින්ම ඉඳලා – ඡායාරූප එකින් එක එළියට (PHOTOS)

කෝටි ගණන් විද්ද ප්‍රියමාලිගේ උත්සවයකට ආ ප්‍රභූ ලැයිස්තුව මෙන්න (PHOTOS)

කෝටි ගණන් වංචා කරපු තිලිණි ප්‍රියමාලි එක්ක රාජපක්ෂ පවුලත් සම්බන්ධද?





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: