2023 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:09
 
            
මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.
කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.
ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.
අවමංගල්‍ය සභාවේ ස්තූති කතාව කල සජිත ඇන්තනී සිය පියාගේ අනතුර සිදු වූ වෙලාවේ උදව් කල පුද්ගලයකුට සිය ස්තූතිය පල කලා.
අනතුර සිදු වූ වෙලාවේ ජැක්සන් ඇන්තනී මහතාව රෝහල් ගත පුද්ගලයාගේ නම “ප්‍රියන්ත” ලෙස දැන සිටියත් ඔහු ගැන කිසිදු තොරතුරක් නොදන්නා බවටද ඔහු මේ අවස්ථාවේ ප්‍රකාශ කලා වගේම ස්තූති කරන්නටද අමතක කලේ නැහැ.
‘අප්පච්චිගේ භාරකාරයා ලෙස අත්සන් කරපු අපි කවුරුත් නොදන්න ප්‍රියන්ත මහත්තයාට ස්තූතියි. අප්පච්චිගේ භාරකාරයා ලෙස අත්සන් කරපු කෙනෙක් ඉන්නවා, අපි කවුරුත්නොදන්න කෙනෙක්. අදටත් අප්පච්චිගේ හොස්පිට්ල් ටිකට් එකේ භාරකරු කියන අත්සන තියෙන්නේ ඒ මහතාගේ. මම හිතන්නේ අනුරාධපුරේ ඉඳලා අප්පච්චිව හොස්පිට්ල් එකට භාරදුන්න කෙනා වෙන්න ඇති. ප්‍රියන්ත… ප්‍රියන්ත නැමති ඒ් මහතා කවුරුන් හෝ වේවා ඔබතුමාට බොහොම ස්තූතියි.’
සජිත මෙහෙම කියනකොට චිත්‍රපට ක්ෂේත්‍රය තුළ ඉන්න දක්ෂ අධ්‍යක්ෂවරයෙක් වන සෝමරත්න දිසානායක කියන්නේ තමන් ජැක්සන්ව තමාගේ වාහනයෙන් අනුරාධපුර රෝහලට ඇතුළත් කළ බවයි.
“රේණුකාගෙන් මට කෝල් එකක් ආවා, ජැක්සන් ගිය වාහනයේ අලියෙක් වැදිලා. ටිකක් ගිහින් බලන්න කියලා. මෙ වන විට විනාඩි දෙක තුනක් ගෙවී ගිහින්. ජැක්සන් පාරේ නිදි කරවලා තිබුණේ. ඔහු ඇස් ඇරගෙන සිටියත් හොඳ සිහියෙන් හිටියේ නැහැ. ඔහුගේ සහයක දිනේෂ් පාරේ වාඩි වෙලා හිටියේ. ඔහුගේ මුහුණ පුරා ලේ. සමන් ඒ වෙලාවෙයි වාහනයෙන් එළියට ගත්තේ. මම මගේ වාහනයේ ජැක්සන්ව දාගත්තා. අනිත් අයවත් වාහනවලට දාගත්තා. ජැක්සන්ව වාහනයේ හේත්තු කරගෙන බෙල්ල හෙළවෙන්න නොදි රෝහලට ගෙන ගියා. අපි වේගයෙන් විනාඩි 15 ක් ඇතුළත අනුරාධපුර රෝහලට ජැක්සන්ව ගෙනාවා. ඒ වෙලාවේ ජැක්සන් වේදනාවෙන් කෙදිරි ගැවා. බෙල්ල රිදෙන බව හැඟෙව්වා. ජැක්සන් බව නොදැන අනුරාධපුර රෝහල කාර්යක්ෂමව අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. නමුත් ජැක්සන්ගේ බෙල්ලේ ස්නායු පද්ධතියට වූ හානිය නිසා කොළඹ ගෙනියන්න කිව්වා. අපි හෙලිකොප්ටරයක් හෙව්වත් රාත්‍රීයේ නිසා එය ලබා ගැනීමට නොහැකි වුණා. මේ නිසා රෝහලේ ගිලන් රථයෙන්ම කොළඹට ගෙනාවා.”
සජිතගේ පිටපත සෝමරත්න දිසානායකට හමුවුණේ නැද්ද? එසේත් නැති නම් සෝමරත්න දිසානායකගේ පිටපත සජිතට හමු වුණේ නැද්ද කියන ගැටලුව ඕනෙම කෙනෙක්ට පැන නගින්න පුළුවන්.
මොකද මොවුන් දෙදෙනාම පරස්පර අදහසක් තමයි ඉදිරිපත් කරන්නේ.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 4:32
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 1:06
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25