hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 අප්‍රේල් 22, පෙ.ව. 12:13



කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින ප‍්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අදහස් පළ කළා.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පල කර සිටියා.

ජැක්සන් ඇන්තනී මහතාගේ ජීවිතය මේ මටටමින් හෝ පවසින්නේ ජාතික රෝහලේ යන්ත්‍ර ආධාරයෙන් බවත් රෝගියෙක් සම්බන්ධයෙන් වන ඇතැම් කාරණා වෛද්‍ය ආචාර ධර්ම මත මාධ්‍ය හමුවේ පැහැදිලි කළ නොහැකි බව ද හෙතෙම කියා සිටියා.

ජාතික රෝහලේදී සිදු කරන ලද දෙවන සැත්කමක් අතරතුර වෛද්‍යවරුන් අතින් යමක් සිදු වූ බවට තමනට තොරතුරක් ලැබී නැති බවත් නමුත් එවන්නැක් සිදුවී ඇතිනම් එය අපරාධයක් බවත් පැවසූ ඔහු ඒ සම්බන්ධයෙන් ඕනෑම අයෙකුට පැමිණිල්ලක් ගොනු කළ හැකි බවද සඳහන් කළා.

මෙවන් මේ ආකාරයේ බරපතළ තත්ත්වයේ රෝගියකු කළමනාකරණය කරන්නේ විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනකුගෙන් සමන්විත මණ්ඩලයක් විසින් බවත් පැවසූ එම වෛද්‍යවරුන් සහ පවුලේ සාමාජිකයන් අතර සිදුවන සාකච්ඡාවලින් පසු රෝගියා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සිදුවන බවද කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: