2023 මැයි 10, පෙ.ව. 12:09
            
වයස අවුරුදු දහසයක් වූ පාසැල් සිසුවියක් කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක උඩුමහලින් බිම වැටී මිය යාමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද ප්‍රධාන සැකකරු වන ධනුෂ්ක ගයාන් සහබන්දු නම් විසි නව හැවිරිදි පුද්ගලයා පොලිසිය හමුවේ පාපොච්චාරණයක් සිදුකර තිබෙනවා.
පොලීසිය විසින් ඔහු හික්කඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළුතර පොලිසියට ගෙන ඒමෙන් පසු ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වල දී ඔහු සඳහන් කර ඇත්තේ එම තරුණිය ලැගුම්හලේ ජනේලයෙන් පිටතට පැන්න බවයි.
තරුණිය එදික හදුනාගැනීමට පෙර කිසි දිනක හමු වී නැති බවත් ඇය හා කිසිදු සබඳතාවක් පවත්වා නැති බවත් සැකකරු සඳහන් කර තිබෙනවා.
පසුගිය සෙනසුරාදා තමන් ඇතුළු හතර දෙනා මෙම ලැගුම්හලට ගොස් මත්පැන් පානය කළ බවත් අනෙක් යුවල ලැගුම්හලෙන් ඉවත්ව ගිය පසු තමන් හා මෙම සිසුවිය නිරුවතින් කාමරය තුළ සිටි නමුත් ලිංගික ඇසුරක් සිදු නොවූ බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
එහි දී තරුණියගේ දුරකථනයට ලැබුණු ඇමතුමකට ඇය කෝපයට පත්ව අසභ්‍ය වචනයෙන් ප්‍රතිචාර දක්වා ඉන් අනතුරුව කාමරයේ ජනේලයක් අසල වූ පුටුවක් උඩ නැග ජනේලයෙන් පිටතට පැන්න බවද ඔහු පවසා තිබෙනවා.
එම සිදුවීමෙන් බිය වූ තමන් ස්ථානයෙන් පලා ගිය බවත් හෙතෙම තවදුරටත් සඳහන් කර තිබෙනවා.
එම සිසුවියට ලද දුරකතන ඇමැතුම සම්බන්ධයෙන් ඇයගේ දුරකතන දත්ත පරික්ෂා කිරීමට නියමිත අතර එම දුරකථනය ලැගුම්හලට ගිය අනෙක් යුවළ අතර සිටි පෙම්වතා විසින් කළු ගඟට විසි කර ඇතැයිද හෙලි වී තිබෙනවා.
මේ අතර වාර්තා වන්නේ මෙම මියගිය සිසුවිය දූෂණයකට ලක් වී නොමැති බව වෛද්‍ය වාර්තාවේ සදහන්ව ඇති බවයි.
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25