hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 10, ප.ව. 4:00



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි, ඊයේ එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

මේ වෙනකොට ජැක්සන්ව බලන්න ගොඩක් දෙනෙක් ජයරත්න මල්ශාලාවට පැමිණෙමින් සිටිනවා.

ඒ අතරේ කලාකරුවෝ, දේශපාලඥයින් සහ ඔහුගේ රසික ප්‍රජාවද වෙනවා.

ජැක්සන් ඇන්තනීගේ සමකාලිනයෙක් වන ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා ද ඔහුගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ඇවිත් තියෙනවා.

ජැක්සන් ඇන්තනී තමාගේ අතීතයේ සිට මිතුරෙක් බවත් ගමේ සිට පැවත එන මිත්‍රත්වයක් ඇති බවත් ඔහු සඳහන් කළා.

තමා ජැක්සන් ඇන්තනී සමඟ මේ ගමන පැමිණි බවත් මෙය ඉතා දුෂ්කර ගමනක් බවත් එලෙස පැමිණ ජීවිතය සාදා ගත් බවත් කියා සිටියා.

ජැක්සන් දෙවියන් විසින් දුන් දායාදයක් බවත් මෙවන් දක්ෂතා රැසකින් යුත් මිනිසෙකු තම ජිවිත කාලය පුරාවටම දැක නොමැති බවද සඳහන් කළා.

ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා දැක්වූ අදහස් සහිත සම්පුර්ණ වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: