hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අගෝස්‍තු 18, ප.ව. 8:39



මේ දිනවල වැඩි වශයෙන් ම සමාජ මාධ්‍ය හරහා කතාබහට ලක් කෙරුණු රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ.

බොහෝ දෙනෙක් දන්නවා පසුගිය දවස් වල ඕස්ට්‍රේලියාවේ පැවති ක්‍රිකට් සංචාරක අවස්ථාවකට රජයේ මුදලින් සහභාගි වුණා කියන චෝදනාව මත ශලනි බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වුණා.

ඒ අතරින් තවත් බහුතරයක් දෙනා කිව්වේ ඇය ක්‍රිකට් බෝර්ඩ් එකේ ඉහළ තනතුරු දරන පුද්ගලයෙකු සමග අනියම් සම්බන්ධතාවක් ගොඩනඟාගෙන ඉන්නවා කියන කතාවයි.

හැබැයි ශලනී කිසිම අවස්ථාවක මේ සම්බන්ධයෙන් විවෘතව අදහස් ප්‍රකාශ කළේ නැහැ.

ඒ වගේම සමාජ මාධ්‍ය හරහා බොහෝ වෙලාවට ඕනවටත් වඩා මේ කතාවට වැඩිපුර දාලා නිර්මාණය කරපු තොරතුරු තමයි හෝ මාරු වෙන්නේ.

එනිසා මේ දේවල් වල සත්‍යය අසත්‍යය පිළිබඳව අපිට නිගමනය කරන්න බෑ.

හැමෝම ගොඩක් ආදරය කරන රංගන ශිල්පිනියක් වුණ ශලනි තාරකා යුග දිවියට එළඹුනා.

කොහොම වුණත් ඇගේ විවාහය වෙනතුරුම සැමියාව පෙන්න ශලනි ටිකක් අදිමදි කළා නේ.

ඒත් දැන් නම් තවත් ඒක රහසක් නෙවෙයි.

ශලනිත් මේ වෙනකොට සිය මුහුණුපොතේ සැමියා සමඟ සිටින ජායාරූපයක් ද පළ කරමින් ඒ ගැන සටහනක් තබා තිබුණා.

Say Hi to new Mr & Mrs Salgado

2023 August 18th
a day to remember 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: