hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 අගෝස්‍තු 20, පෙ.ව. 12:40



මේ දවස්වල සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය මාතෘකාව බවට පත්වෙලා ඉන්නෙ ජනප්‍රිය නිළි ශලනි තාරකා.

ශලාගේ අතගත් කුමාරයාව දකින්න සෑහෙන කාලෙක ඉදන් ඇයට ආදරේ කරන පිරිස් මඟබලාගෙන උන්නා.

ඔන්න ඉතින් දැන් හැමෝගෙම මාතෘකාව වෙලා තියෙන්නෙ ශලාගේ ලස්සන ආදර කතාව.

ඊට ලියවෙන සටහන් හුවමාරු වෙන ඡායාරූප සෑහෙන්න තියෙනවා.

ප්‍රේක්ෂක ඉල්ලීම මත ඒෂියන් මිරර් අපි දිගින් දිගටම ඔබට ඒ සුන්දරත්වය අත්විදින්න අවස්ථාව සලසලා දුන්නා.

මේ එවන් සටහන් අතර ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහයන් තබන ලද සටහනක්.

”මුලු ලෝකයක් එකතුවෙලා හිනාවෙද්දි මුලු ලෝකයක් එකතුවෙලා ගල් ගහද්දි ඒ ගල්වලින් හරි හයියට තමුන් වටේ ඒ ගල්වලින් බැම්මක් හදන් කදුලුවලට හිනාවෙලා ජීවත් වෙන හරි හයිය මිනිස්සු, අපි මිනිස්සුන්ගෙ ජීවිතවල දන්නා දේවල් නැත.. නොදන්නා දේ වැඩිය.. සමහර මිනිස්සු මුලු ජිවිත කාලේම කියෙව්වද අදුනාගන්න බැරි කාලේක තව කෙනෙකුට ගල් නොගසා පද නොහදා මනුස්සකමින් මිනිස්සුන්ගෙ ජීවිතවලට වටිනාකම් දෙමු…!

සුබපැතුම් “

ඡායාරූප : facebook




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: