hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 12, පෙ.ව. 6:13



රුපියල් බිලියන ගණනක දැවැන්ත වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර කර ඇති තිකෝ ව්‍යාපාර සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂිකා තිලිණි ප්‍රියමාලි සමඟ ව්‍යාපාරික සම්බන්ධතා පැවත්වූ බව කියන කොළඹ ප්‍රමුඛතම මිශ්‍ර ආයෝජන ව්‍යාපෘතියක ප්‍රධාන විධායක නිලධාරිනියකගෙන්ද පසුගිය සෙනසුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර ඇයගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ කොටුවේ පිහිටි ද වන් (The One) නමින් හඳුන්වන ක්‍රිෂ් සමාගම විසින් අලුතින් පිහිටුවන ලද මිශ්‍ර ආයෝජන  ව්‍යාපෘතියේ ප්‍රධාන විධායක නිලධාරිනි ජානකි සිරිවර්ධන මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතු නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබෙනවා.

ඇය සම්බන්ධයෙන් මෙම වංචාවට හසුවූ අයෝජකයන් සහ වංචාව සිදු කළ බවට චූදිත තිළිණි ප්‍රියමාලි විසින් කරන ලද ප්‍රකාශ මත ඇයගෙන් මේ පිළිබඳ ව ප්‍රශ්න කර තිබෙනවා.

මෙම වංචාව සම්බන්ධව මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ තැනැත්තා පවසා ඇත්තේ පසුගිය  මැයි 03  අසාද් සාලි හමුවීමට ඔහුගේ නිවසට යද්දී එහි සිටි ජානකී සිරිවර්ධන හමු වූ බවත් තිලිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරයන්හි මුදල් ආයෝජනය කරන ලෙස තමන්ට දැනුම් දුන්නේ ඇය බවත්ය.

මේ අතර තිළිණි ප්‍රියමාලි ස්වකීය කටඋත්තරතවල සඳහන් කර ඇත්තේ තමන්ගේ ව්‍යාපාරයේ මුදල් වැඩි වශයෙන් ආයෝජනය කර ඇත්තේ ජානකී සිරිවර්ධන ප්‍රධාන විධායක නිලධාරී තනතුරු දරන The One මිශ්‍ර ව්‍යාපෘතියේ බවයි.

කෙසේ වෙතත් තිලිණි ප්‍රියමාලි තමන්ගෙන් ආයෝජන උපදෙස් ලබා ගත් නමුත් ඇයගේ ව්‍යාපාරයේ මුදල් The One  ව්‍යාපෘතිියේ ආයෝජනය කර නැති බව ජානකී සිරිවර්ධන සිය කටඋත්තරයේ සඳහන් කර තිබෙනවා.

ජානකී සිරිවර්ධන සම්බන්ධයෙන් තවත් ආයෝජකයන් ගණනාවක් සිය ප්‍රකාශවල සටහන් කිරීමට නියමිත බව සඳහන් වන අතර මෙම සමාගමේ කෝටි 75ක්  ආයෝජනය කළ වෛද්‍යවරයකු ඇතුළු ආයෝජකයන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැමිණිලි කිරීමට නියමිත බව වාර්තා වන්නේ.

එම පැමිණිලි සහ ප්‍රකාශවලින් පසුව ජානකී සිරිවර්ධන තවදුරටත් ප්‍රශ්න කිරීම්වලට ලක්වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ වනවිට ලැබෙන තොරතුරු අනුව තිලිණි ප්‍රියමාලි විසින් වංචාකළ බවට තක්සේරු කළ හැකි මුදල රුපියල් බිලියන 05 ඉක්මවනු ඇතැයි වාර්තා වෙනවා.

ජානකී සිරිවර්ධන නම් ව්‍යාපාරිකාව පසුගිය රාජපක්ෂවරු සමඟ ඉතා සමීපව කටයුතු කළ නාමල් රාජපක්ෂ මහතාගේ හිතවත්ම තැනැත්තියක්.

සබැඳි පුවත් :

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලිගේ පැටිකිරිය පෙම්වතා වමාරයි

“මට තිලිණි එක්ක කිසිම සම්බන්ධයක් නැහැ” – එල්ල වෙන චෝදනා වලට අරගලයේ ක්‍රියාකාරිනි දමිතාගෙන් සැර පිළිතුරක්

“අපි ජීවත් වෙන්නේ සර්ව සාධාරණව” – ප්‍රියමාලිගේ හුටපට ගැන පේෂල කට අරී

“මට ඒ අය එක්ක කිසිම සම්බන්ධයක් නැහැ” – චෝදනා වලට අජිත් රෝහණගෙන් පිළිතුරු

කෝටි ගණනින් මුදල් විද්ද ප්‍රියමාලිගේ කැරැට්ටුව ගැන හඬ පට එළියට (VIDEO)

කෝටි ගණන් වංචා කරපු තිලිණි ප්‍රියමාලිට ලක්ෂ 80ක් දුන් ආණ්ඩුකාරවරයා මෙන්න

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලිගේ පැටිකිරිය එළියට

ප්‍රියමාලි කෝටි ගණනින් විද්ද ලොක්කන් ගැන තොරතුරු එළියට

කෝටි ගණනින් මුදල් විද්ද ප්‍රියමාලි ජනපති ආර්යාවක් සමඟත් ඉඳලා (PHOTOS)

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලි හිටපු ප්‍රබල ඇමතිවරයෙක් එක්කත් ඉඳලා – ඡායාරූප එළියට (PHOTOS)

කෝටිපතියන් රවටා කෝටි ගණනින් මුදල් වලට විද්ද ප්‍රියමාලි නළු නිලියෝ එක්ක ළඟින්ම ඉඳලා – ඡායාරූප එකින් එක එළියට (PHOTOS)

කෝටි ගණන් විද්ද ප්‍රියමාලිගේ උත්සවයකට ආ ප්‍රභූ ලැයිස්තුව මෙන්න (PHOTOS)

කෝටි ගණන් වංචා කරපු තිලිණි ප්‍රියමාලි එක්ක රාජපක්ෂ පවුලත් සම්බන්ධද?





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: