hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 12, පෙ.ව. 9:28



කොළඹ කොටුවේ පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන යමින් ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ වෘත්තිකයන්ගෙන් රුපියල් කෝටි ගණනින් ආයෝජන ලෙස මුදල් ගෙන කළ වංචා කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් කාන්තාව සිය ආයෝජකයන්ට සුරූපී නිළියන් සහ නිරූපිකාවන් සමඟ කිට්ටු සම්බන්ධතා ඇති කර දෙමින් ඒවා වීඩියෝගත කර ඒවා ප්‍රසිද්ධ කරන බවට ආයෝජකයන් බියගන්වමින් මේ චංචාව කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇතැයි වැඩිදුර විමර්ශනවලින් පෙනී ගොස් තිබෙනවා.

තිලිණි ප්‍රියමාලි සිය සැමියා සමග කතරගම දේවාලය වැඳ පුදා ගැනීමට අවස්ථා රැසකදී හෙලිකොප්ටර් යානා මගින් ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබෙනවා.

ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයන්, නළු නිළියන්, භික්ෂූන් වහන්සේලාගෙන් ලබාගත් රුපියල් බිලියන ගණනක මුදල් ගෝනිවල දමා සැකකාර තිලිණි ප්‍රියමාලි ගිනි අවි සහිත සිය පුද්ගලික ආරක්ෂකයන් පිරිවරා ගනිමින් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුණේ 34 වැනි මහලේ පවත්වාගෙන ගිය තිකෝ සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලය වෙත රැගෙන ගොස් තිබෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පුළුල් පරීක්ෂණයේදී හෙළිදරව් වී තිබෙනවා.

තිලිණි ප්‍රියමාලි නමැති සැකකාරිය ප්‍රකෝටිපතියන් රවටා ලබාගත් මුදල් ගෝනිවලට බහා අවිගත් ආරක්ෂකයන්ගේද සහායෙන් ගෙන ආ ආකාරය මෙන්ම ඇයගේ සමාගමේ මුදල් තැන්පත් කළ පුද්ගලයන් හඳුනාගැනීම සඳහා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ආරක්ෂිත සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මෙම මහා පරිමාණ වංචාවට හසුවූ ඇතැම් ප්‍රසිද්ධ දේශපාලනඥයන්, ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන්, ජනප්‍රිය නළු නිළියන් රැසක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි සැකකාරියගේ ව්‍යාපාරික ස්ථානය වෙත පැමිණි බවට තොරතුරු වාර්තාවීමත් සමග එම පුද්ගලයන් කවුරුන්ද යන්න නිශ්චිතව හඳුනා ගැනීමට සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ.

සල්ලි වලට විද්ද තිලිණි ප්‍රියමාලිගේ ආයෝජන ජාවාරමේ මහ මොළකරු නාමල්ගේ හිතවතිය ජානකීද?

සල්ලි වලට විද්ද ප්‍රියමාලිගේ ඔෆිස් එකේ තිබූ පුර්ණිකා පීරිස්ගේ උපන්දින සාදයේ ඡායාරූප එළියට (PHOTOS)

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලිගේ පැටිකිරිය පෙම්වතා වමාරයි

“මට තිලිණි එක්ක කිසිම සම්බන්ධයක් නැහැ” – එල්ල වෙන චෝදනා වලට අරගලයේ ක්‍රියාකාරිනි දමිතාගෙන් සැර පිළිතුරක්

“අපි ජීවත් වෙන්නේ සර්ව සාධාරණව” – ප්‍රියමාලිගේ හුටපට ගැන පේෂල කට අරී

“මට ඒ අය එක්ක කිසිම සම්බන්ධයක් නැහැ” – චෝදනා වලට අජිත් රෝහණගෙන් පිළිතුරු

කෝටි ගණනින් මුදල් විද්ද ප්‍රියමාලිගේ කැරැට්ටුව ගැන හඬ පට එළියට (VIDEO)

කෝටි ගණන් වංචා කරපු තිලිණි ප්‍රියමාලිට ලක්ෂ 80ක් දුන් ආණ්ඩුකාරවරයා මෙන්න

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලිගේ පැටිකිරිය එළියට

ප්‍රියමාලි කෝටි ගණනින් විද්ද ලොක්කන් ගැන තොරතුරු එළියට

කෝටි ගණනින් මුදල් විද්ද ප්‍රියමාලි ජනපති ආර්යාවක් සමඟත් ඉඳලා (PHOTOS)

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලි හිටපු ප්‍රබල ඇමතිවරයෙක් එක්කත් ඉඳලා – ඡායාරූප එළියට (PHOTOS)

කෝටිපතියන් රවටා කෝටි ගණනින් මුදල් වලට විද්ද ප්‍රියමාලි නළු නිලියෝ එක්ක ළඟින්ම ඉඳලා – ඡායාරූප එකින් එක එළියට (PHOTOS)

කෝටි ගණන් විද්ද ප්‍රියමාලිගේ උත්සවයකට ආ ප්‍රභූ ලැයිස්තුව මෙන්න (PHOTOS)

කෝටි ගණන් වංචා කරපු තිලිණි ප්‍රියමාලි එක්ක රාජපක්ෂ පවුලත් සම්බන්ධද?





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: