hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 15, පෙ.ව. 7:48



කොළඹ කොටුව ලෝක වළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ සිය කාර්යාලය පවත්වාගෙන යමින් මහා පරිමාණයේ මූල්‍ය වංචාවක නිරත වූ තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාවට හසුවූ රුපියල් කෝටි 75ක් අහිමි කරගත් ව්‍යාපාරිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ආචාර්ය උපාධිධාරියෙක් වන එම ව්‍යාපාරිකයාට මලයාසියාව සමඟ ව්‍යාපාරික ගනුදෙනු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෙරට ජනප්‍රිය නිළියක් යොදා මේ ව්‍යාපාරිකයාව ‘බ්ලැක්මේල්‘ කිරීමට පවා තිළිණි ප්‍රියමාලි කටයුතු කර ඇති බවද සඳහන්.

මේ ව්‍යාපාරිකයා වැදගත් තොරතුරු රැසක් හෙළි කරන බවත් ඒ ඔස්සේ ඉදිරි විමර්ශන පවත්වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු අනාවරණය කළා.

ඒ අනුව ඉදිරියේදී තිළිණි ප්‍රියමාලිගේ කොන්ත්‍රාත්වලට අනුව ව්‍යාපාරිකයන් බ්ලැක්මේල් කළ නිළියන් කිහිප දෙනකු සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගැනීමට ද සූදානම් වන බව ආරංචි මාර්ග අනාවරණය කළා.

මේ වංචාව ඇය විසින් තනිවම කර නැති බවත් ඇය සමඟ මේ වංචාවට සම්බන්ධ වූ තවත් අයකු ගැන පැහැදිලි තොරතුරු දැනට ලැබී ඇති පැමිණිලිවලින් අනාවරණය වෙමින් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

2015ට පෙර පැවති ආණ්ඩුවේ සිටි ප්‍රබල ඇමැතිවරයකුගේ සමීපයේ සිටි එම පුද්ගලයාව අද හෙටම අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවද පොලිස් තොරතුරු අනාවරණය කළා.

ඇගේ සැමියා ලෙසද පෙනී සිටි මේ පුද්ගලයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ ගෙන ඇති බවද සඳහන්.

තිළිණි ප්‍රියමාලි විසින් විවිධ පුද්ගලයන් රවටා ගත් මුදල් තැන්පත් කර තිබූ බව කියන ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ පිහිටි කාර්යාලයේ තිබුණු සේප්පුවක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව තිබුණා.

එහි මුදල් කිසිවක් නොතිබුණු බවත් වැදගත් ලේඛන යැයි අනුමාන කළ හැකි ලේඛන රැසක් තිබී සිය භාරයට ගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසුවා.

“රැකියාවට ආවා මිසක් ඇතුළාන්තය කොච්චර ගැඹුරුද කියලා දන්නේ නෑ” – ප්‍රියමාලිගේ මාධ්‍ය විශේෂඥ ධනංජය දැන් කියන කතාව

රුපියල් අස්සේ තිලිණි ප්‍රියමාලි ඩොලර් වලින් ගේමකුත් ගහලා

ප්‍රියමාලි ඇතුලට යන දවසේ කියලා ගිය දේවල් ගැන මාධ්‍ය විශේෂඥ සුරංගි හෙළි කරයි

ආන්දෝලනයට ලක් වූ ප්‍රියමාලිගේ කාර්යාලය මෙන්න (PHOTOS)

පොලීසියේ නීතිය ප්‍රියමාලිට අදාලම නැහැ – අතුරුගිරියේ OIC ළඟ ආරක්ෂකයින් සමඟම හිට ගනී

කෝටි ගණන් සල්ලි විද්ද ප්‍රියමාලි නිපදවන්න ගිය ‘මායා ජාල‘ චිත්‍රපටයේ මුහුරත් උළෙල මෙන්න (PHOTOS)

කෝටිපතියන් අල්ලේ නැටවූ ප්‍රියමාලිගේ ඇල්ටෝ වංචාවේ සුලමුල එළියට

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලි බාරහාරවලට කතරගම ගිහින් තියෙන්නේ හෙලිකොප්ටර්වලින්

සල්ලි වලට විද්ද තිලිණි ප්‍රියමාලිගේ ආයෝජන ජාවාරමේ මහ මොළකරු නාමල්ගේ හිතවතිය ජානකීද?

සල්ලි වලට විද්ද ප්‍රියමාලිගේ ඔෆිස් එකේ තිබූ පුර්ණිකා පීරිස්ගේ උපන්දින සාදයේ ඡායාරූප එළියට (PHOTOS)

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලිගේ පැටිකිරිය පෙම්වතා වමාරයි

“මට තිලිණි එක්ක කිසිම සම්බන්ධයක් නැහැ” – එල්ල වෙන චෝදනා වලට අරගලයේ ක්‍රියාකාරිනි දමිතාගෙන් සැර පිළිතුරක්

“අපි ජීවත් වෙන්නේ සර්ව සාධාරණව” – ප්‍රියමාලිගේ හුටපට ගැන පේෂල කට අරී

“මට ඒ අය එක්ක කිසිම සම්බන්ධයක් නැහැ” – චෝදනා වලට අජිත් රෝහණගෙන් පිළිතුරු

කෝටි ගණනින් මුදල් විද්ද ප්‍රියමාලිගේ කැරැට්ටුව ගැන හඬ පට එළියට (VIDEO)

කෝටි ගණන් වංචා කරපු තිලිණි ප්‍රියමාලිට ලක්ෂ 80ක් දුන් ආණ්ඩුකාරවරයා මෙන්න

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලිගේ පැටිකිරිය එළියට

ප්‍රියමාලි කෝටි ගණනින් විද්ද ලොක්කන් ගැන තොරතුරු එළියට

කෝටි ගණනින් මුදල් විද්ද ප්‍රියමාලි ජනපති ආර්යාවක් සමඟත් ඉඳලා (PHOTOS)

ලොකු ලොක්කන් අල්ලේ නැටවූ ප්‍රියමාලි හිටපු ප්‍රබල ඇමතිවරයෙක් එක්කත් ඉඳලා – ඡායාරූප එළියට (PHOTOS)

කෝටිපතියන් රවටා කෝටි ගණනින් මුදල් වලට විද්ද ප්‍රියමාලි නළු නිලියෝ එක්ක ළඟින්ම ඉඳලා – ඡායාරූප එකින් එක එළියට (PHOTOS)

කෝටි ගණන් විද්ද ප්‍රියමාලිගේ උත්සවයකට ආ ප්‍රභූ ලැයිස්තුව මෙන්න (PHOTOS)

කෝටි ගණන් වංචා කරපු තිලිණි ප්‍රියමාලි එක්ක රාජපක්ෂ පවුලත් සම්බන්ධද?





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: