hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 28, පෙ.ව. 12:02



හැමෝම ගොඩක් ආදරය කරන රංගන ශිල්පිනියක් වුණ ශලනි තාරකා යුග දිවියට එළඹුනා.

කොහොම වුණත් ඇගේ විවාහය වෙනතුරුම සැමියාව පෙන්න ශලනි ටිකක් අදිමදි කළා නේ.

ඒත් දැන් නම් තවත් ඒක රහසක් නෙවෙයි.

ශලනිට ඉන්න යාළු යෙහෙළියෝ ගැන නම් වශයෙන් කියන්න බැහැ.

ඒකට හේතුව තමයි ඒ තරමට යාළුවෝ ඉන්න එකයි.

අනුරාධා එදිරිසිංහ ශලනිගේ මිතුරු ලැයිස්තුවේ උඩින්ම ඉන්න කෙනෙක් කිව්වොත් හරි.

ඇත්තටම අනුරාධා ශලනි ගැන කියනකොටත් හරිම ආදරණීය වෙනවා.

ඒ තරම් ඒ දෙන්නා ඒ දෙන්නාගේ ජීවිතවලට සමීපයි.

අනුරාධා – ශලනි මිතුදමට මේ වෙද්දී වසර අටක් ලු.

අක්කා නංගී චරිත නිරූපණය කරන්න ගිහින් තමයි ලු මේ තරම් යාලුවෝ වුණේ.

වෙලාවකට ශලනි දෙන උපදෙස් නිසා ඇගේ ජීවිතය හොඳ තැනකට ගන්න පුලුවන් වුණා කියලා තමයි අනුරාධා ශලනි ගැන ආදරණීය වෙලා කිව්වේ.

එකම ක්ශේත්‍රයේ වුණත්  කැපිලි කෙටිලි නැතුව ඉස්සරහාට යන්න ශලනි ඇයට ඉගැන්වුවා කියලා අනුරාධා කියනවා.

අනුරාධා මෙහෙම කියලා අවසානයේ කියන්නේ ඒ දෙන්නාගේ තියෙන්නේ එක වෙනසක් විතරයි කියලා ඒ එක අම්මාගේ දරුවෝ නොවෙන එක විතරලු.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: