hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:01



ශලනි තාරකා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්.

මේ දවල්වල නම් සමාජ මාධ්‍ය පුරාවට ඇය ගැන කතා බහක් ඇති වෙලා තියෙනවා.

ඒකට හේතුව තමයි ඇයගේ විවාහය.

උත්සව කිහිපයක් යටතේ පැවැත්වුණු ඇයගේ විවාහ ගැන හැමෝම කතා කරනවා.

ශලනිගේ විවාහය ගැන මුහුණුපොතේ හරි හරියට කතා වෙනවා.

ශලනි සහ නිහත මේ වෙනකොට එක තීරණයක් අරගෙන තියෙනවා.

ඒ වෙන දෙයක් නෙවෙයි දෙදෙනා එක්කම මේ රටින් පිටවීමේ තීරණය.

ශලනිට අප්‍රිය තවත් උනුන් ශලනිව පතුරු හැරීම දැනටම පටන් අරන් තියනවා.

ඒකට ඒ අය පාවිච්චි කරන්නෙ දසුන්ව.

දසුන් කියන්නෙ ශලනිගේ කවුද කියලවත් නොදන්න අය ශලාගේ අතීත කතාව උන්ට වුවමනා විදිහට වෙනස් කරලා තිබුණා.

කප්පාදු කරලා තිබුණා කිව්වත් හරි.

සංස්කරණ බොහෝමයක් කර තිබුණා.

ඒ වුණත් ශලා ඒවාට හිත රිද්දගත්තා වෙන්න බැහැ.

එහෙම හිත රිදවා ගත්තා නම් ශලනිට මේ තරම් දුරක් යන්නත් බහ.

එක දිගට සම්මාන ගොඩකට හිමිකම් කියන්නත් බැහැ.

‘මේක මං දාපු එකක් වුනා නම් මේ වෙද්දි මම මේක අයින් කරලා එහෙමත් නැත්නම් මට විතරක් බලාගන්න ඒ මතකය හංඟලා.. මොකද මගේ දරාගැනීම් වලට සීමාවක් තියෙන නිසා සහ මං මාව රිදවනවට අකමැති නිසා. මං ශලනිට ආදරේම මේ නිසා !හෙට කියන දවසේ මේ හිනාවන් පිරුණු මතකය ශලනි ඩිලීට් කරයිද දන්නෑ ඒත් ඇත්තටම දසුන්ටත් ආදරේ කරා නම් කවුරුම හරි ප්‍රේක්ෂකයෙක් ශලනිගේ ගැලරියේ දසුන්ට පාඩුවේ ඉන්න ඉඩ අරියි.. මෙතනිනුත් දසුන් මැකුණොත් ඔහුගේ මතකයත් හෙමින් මැකිලා යයි.. මේ තමයි ඔහුට ආදරය කරපු ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඔහුගේ මතකය රඳවන්න ඔහුට සුදුසුම තැන.. ශලනි මෙතරම් කාලයක් මේ කමෙන්ට් දරාගත්තා වගේම ‘ඇයගේ මරණය තෙක්ම දරාගත්තොත්’ මම කැමතියි.. මොකද මම දසුන්ගේ රංගනයට ප්‍රිය කරා සහ ඔහුගේ මතකය මෙහෙම හෝ පවතිනවාට කැමති ආත්මාර්ථකාමී ප්‍රේක්ෂකයෙක්. ආදරයේදී නොගැලපෙනවා නම් අයින් වෙන්න අයිතියක් තියෙනවා ඒවා බැරෑරුම් මාතෘකා සහ නොදත් කතා පිරුණු මට වැදගත්කමක් නැති කාගේ හෝ පෞද්ගලිකත්වයක්.. ඒ නිසා නින්දා ආපහාස කමෙන්ට් නොදාන්න කාරුණිකවන්න..’ (Dona Thrimaගේ ෆේස්බුක් සටහනක්…)

ඡායාරූප සමාජ මාධ්‍ය

ශලනිට රිදෙන්න නොදී බලාගන්න ශලනිට අතිශය ප්‍රිය කරන උනුන් බොහෝ දෙනෙක් මේ විදිහේ සටහන් සහ කමෙන්ටු මුහුණු පොතේ පළ කර තිබුණා.

‘ඇත්තටම මෙතනදි මම දකින කෝණයෙන් ශලනි නිවැරදී. මොකෝ ඒ වෙනකොටත් ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් දසුන් විවාහක බව දන්නෙ නෑ.දසුන්ගෙ අම්මම එක ඉන්ටව්වි එකකදි පිළිගත්තා එයා ඒක රහසක් විදිහට තියා ගත්තා සහ. ශලනී ඒ ගැන දැනන් හිටියෙ නෑ කියලා. ශලනී ඒ ගැන දැන ගත්තම සම්බන්ධය නැවැත්තුවා මොකෝ දෙන්නෙක් අතර තුන්වැන්නෙක් වෙන්න ඕනි නැති නිසා..ශලනි ඔය ගැන හරි ලස්සන සින්දුවක් හදලා තිබ්බා..ඒක එලියට දාන්න ඔන්න මෙන්න තමා මේ මනුස්සයා විහින් මැරුනේ.ඉතිං සිංදුව out කරනකොට එයා නෑ.ශලනි හරියටම හරි.හැබැයි අදටත් වැඩි දෙනා ඇත්ත කතාව දැනගෙනත් ඇගිල්ල දික් කරන්නේ ශලනිටමයි.ශලනිට සල්ලි තියෙන මිනිහෙක්ගෙ ඇගේ එතෙන්න ඇත්තටම ඕනි නෑ ලංකාවෙ දැනට වැඩිම අයකිරීම් කරන නිලියන් අතර කෙනෙක් ශලනී.මන් කැමතී එයා මේ රටින් පිට වෙලා එයාගෙ මහත්තයා එක්ක ලස්සන පවුල් ජිවිතයක් ගත කරන් නිදහසෙ ඉන්නව නම්.මිනිස්සුන්ගෙ කතාව නොදැන සහ දැනගෙනත් හිත් බිදින මේ වගේ රටක එයා ඉන්න ඕනී නෑ…කවදා හරි දරුවෝ ලැබිච්ච ෆොටො එකක් දැම්මත් මුන් එතනත් දාවී දසුන් උඹ මෝඩ වුනා කියලා නැත්නම්…’

ඡායාරූප සමාජ මාධ්‍ය

‘ආදරේ කරන්න කාටවත් තහනමක් නැහැ. ඒක නිසා ඒ ආදරේට මුකුත් කියන්න අපි කාටවත් බැහැ. Dona Thrima ඔයා හරි. පරන මතක තියන් ඉන්නෙ ඒයාටවත් ඒයාගේ අනාගතයටවත් ඒවා පශ්න නොවන නිසා වෙන්න පුළුවන්. මාත් ශලනිට කැමති නිසා කියනවා නෙමෙයි. අපිට එයාගේ ජීවීතේ වෙන දේවල් අදාල නැහැ. ලස්සන, දක්ශ නිලියක්. ඒ චරිතෙට විතරක් ආදරේ කරන්න. එයාලගේ ජීවීතත් ටෙලි නාට්‍යයක් කරගන්න එපා. ගැහැනියක් විදියට පවු එයා. ඒත් හරිම ආදරනීය චරිතයක්!’

Shalani Tharaka FB Page

ඉතින් මේ ශලනිට අයිති ජීවිතේ.

ඈ කොහේ ගියා වුණත් මේ තරම්ම වුණු හිනාවකින් මූණම පුරෝගෙන ඉදිවී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: